දේශීය පුවත්

රාගම වෛද්‍ය පීඨයේ හතරවන වසරේ වෛද්‍ය සිසුන් විසින් තුන්වන වසරේ වෛද්‍ය සිසුන්ට දුන් උපදෙස් වලට උරනවූ අරුන්දික ප්‍රනාන්දු රාජ්‍ය අමාත්‍යවරයා සමඟ සමීප සම්බන්ධතා පවත්වන එක් වෛද්‍ය සිසුවෙක් විසින් එම මැර බලය උපයෝගි කර ගනිමින් තමන්ගේ ගෙදරවන් තමන්ගෙම සහෝදර වෛද්‍ය සිසුන්ට පහරදීම සඳහා මැර කණ්ඩායමක් ඊයේ දින රාගම වෛද්‍ය පීඨයට එවා ඇත

එහිදී සමස්ත සිසුන් විසින් එම මැර කණ්ඩායමේ එක් මැරයෙක් අල්ලාගෙන ඇති අතර වාහනයක් ද දමා පැන ගොස් ඇත

එම මැරයා රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු යටතේ සේවය කරන අයෙකු බවට මේ වන විට කරුණු ස්ථිරව සහතික වී ඇත

මීට පෙර රාජ්‍ය වෛද්‍ය පීඨ වල මෙවැනි සිදුවීම් සිදුවී නොමැති අතර තමන්ගේම සහෝදර සිසුන්ට පහරදීමට දේශපාලන බලය යොදා ගැනීම ඉතා තක්කඩි බියසුළු ශිෂ්ට සමාජය විසින් නොඉවසන කරුණක් බව දෙමාපිය සංගමය මතය වේ

මෙහිදී එක් සිසුවෙකුගේ හෝ ජීවිතයට අනතුරක් වූයේ නම් වගකිව යුත්තේ කවුරුන් ද

මෙය ඉතා භයානක පූර්වාදර්ශයක් වන අතර මෙවැනි සිදුවීම් අනාගතයේදී සිදු නොවීමට වග බලා ගත යුතු වේ

එසේම මේ සිද්ධියට සම්බන්ධව වෛද්‍ය පීඨය තුළට මැරයන් රැගෙන ආ වෛද්‍ය සිසුවා මානසික වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු බවත් ඔහු තවදුරටත් වෛද්‍ය පීඨය තුළ සිටීමෙන් අනිකුත් ශිෂ්‍යයන්ට අනාගතයේ දී නැවතත් මෙවැනි කරදර වලට මුහුණපෑමට සිදුවනු ඇති බවත් වෛද්‍යවරයෙකු වීමට පුහුණුව ලබන මෙම වෛද්‍ය සිසුවා අනාගතයේදී වෛද්‍යවරුන්ට පමණක් නොව රෝගීන්ටද මෙවැනි ම ආකාරයකින් කටයුතු කරනු ලැබුවහොත් එය සමස්ථ වෛද්‍ය ප්‍රජාවටම මහත් අවමානයක් බව වෛද්‍ය පීඨ දෙමාපිය සංගමයේ මතය වේ

මීට පෙර ද අදාළ සිසුවා සිසුන් සමඟ ගැටුම් ඇති කරගෙන ඇති අතර මේ සම්බන්ධයෙන් ජේෂ්ඨ සිසුන් ද අධ්‍යයන කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව පැහැදිලි වේ

කරුණු එසේ හෙයින් ගැටුම්වලින් තොරව සිසුන්ට නිදහසේ අධ්‍යාපනය ලැබීමට එම ශිෂ්‍යයා බාධාවක් වී ඇති බව දැන් ලැබී ඇති සාක්ෂි වලින් තහවුරු වේ

තමන්ගේ ගෙදර වැඩිහිටි සොහොයුරෙකු විසින් දුන් අවවාද උපදෙස් වලට උරණවූ බාල සොහොයුරකු තමන්ගේම ගෙදරට පිටතින් දේශපාලන මැර කණ්ඩායම් ගෙන්වා ගෙදර තමන්ගේම සහෝදර සාමාජිකයන්ට පහර දීම වැනි ඉතා බියගුළු ක්‍රියාවකි

කරුණු එසේ හෙයින් මේ සම්බන්ධයෙන් විශ්ව විද්‍යාල පාලනාධිකාරිය සහ වෛද්‍ය පීඨ අධ්‍යයන කාර්ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් සිදු කොට සමස්ත සිසුන්ට සාධාරණයක් ඉටු කළ යුතු බව අපගේ හැඟීමයි

එසේම වෛද්‍ය පීඨ තුළ ගැටුමක් ඇතිකර වෛද්‍ය පීඨයට පමණක් නොව සමස්ථ වෛද්‍ය ප්‍රජාවට අපකීර්තියක් ගෙන දුන් අදාල ශිෂ්‍යයා සම්බන්ධයෙන් නීති මගින් කටයුතු කරන ලෙස වෛද්‍ය පීඨ දෙමව්පිය සංගමය අදාළ බලධාරීන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමු

එසේම වෛද්‍යපීඨය තුළට ගැටුමක් ඇති කර ශිෂ්‍යයන්ට පහර දීමට ආ මැරයන්ට ද අපරාධ නීතිය යටතේ දඬුවම් කළ යුතු අතර ඔවුන් මෙහෙයවූ අදාළ රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව ද නීතිය ක්‍රියාත්මක කළ යුතුව ඇත

වසන්ත අල්විස්
මාධ්‍ය ප්‍රකාශක රජයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය දෙමාපිය සංගමය
0716898874

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More