දේශීය පුවත්

රුපියල් කෝටි 30කට ආසන්න වටිනාකමකින් යුත් අමෙරිකානු ඩොලර් මෙරටින් විදේශවලට යැවූ ව්‍යාපාරිකයින් දෙදෙනෙකු පිළිබඳ විමර්ශන ආරම්භ කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කරුණු වාර්තාකර තිබේ.

භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් මොවුන් ඩොලර් විදේශවලට යැවීම සිදුකර ඇති බවට සැකපළ කෙරේ.

රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී. වි. රවිප්‍රිය මහතා සිදුකළ පැමිණිල්ලකට අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව, මුදල් විශුද්ධිකරණ පනත යටතේ මෙම විමර්ශන ආරම්භ කර තිබුණි.

චීනය , හොංකොං හා ඩුබායි ඔස්සේ නිමි ඇඳුම් හා තවත් භාණ්ඩ ආනයන කරන බව අඟවමින් මෙම ව්‍යාපාරිකයින් මෙරටින් අමෙරිකානු ඩොලර් දොළොස්  ලක්ෂයකට අධික මුදලක් එම රටවල් වෙත යවා ඇතැයි වාර්තා විය.

විදෙස් රටවල කුවිතාන්සි බැංකු වෙත ඉදිරිපත් කරමින් ඔවුන් එම මුදල යවා ඇති බව සඳහන් වුණි.

විමර්ශනවලදි හෙළිවී ඇත්තේ එලෙස මුදල් යැවුව ද ඔවුන් මෙරටට භාණ්ඩ ආනයනය කර නොමැති බවය.

සැකකාර එක් ව්‍යාපාරිකයෙකු පසුගියදා විදේශගතවීමට සුදානම්වීමේදී ගුවන්තොටුපොළේදී  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඔහු අත්අඩංගුවට ගැනුණි.

ඔහු අනිද්දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණු අතර සැකකාර ව්‍යාපාරිකයින් දෙදෙනාගේ විදෙස් ගමන් තහනම් කරමින් අධිකරණය නියෝගයක් ද නිකුත් කළේය.

එමෙන්ම මෙම ව්‍යාපාරිකයින් මුදල් යවන ලද සමාගම් සත්‍ය ලෙසම පවතින්නේ දැයි සොයා ජාත්‍යන්තර පොලිසිය හරහා විමර්ශන ක්‍රියාත්මක කිරීමට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

(උපුටා ගැනීම අද දෙරණ)


Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More