දේශීය පුවත්

උතුරු මුහුදට ඇතුල්වූ ඉන්දීය ධීවර යාත්‍රා සහ යාපනයේ ධීවරයින් අතර ඇති වූ ගැටුම්කාරී තත්වයක් හේතුවෙන් 01 දිනයේද යාපනයේ ස්ථාන කිහිපයක විසඳුම් ඉල්ලා විරෝධතාවන් සහ උපවාසයන් සිදුකිරීමට යාපනයේ ධීවරයින් පියවර ගෙන ඇත.

යාපනය වඩමාරච්චි සක්කොට්ටෙයි මුහුදු තීරයේදී ඊයේ (31) රාත්‍රියේ අනවසරයෙන් ඇතුල් වූ ඉන්දීය ධීවර ට්‍රෝලර් යාත්‍රා තුනක් වඩමාරච්චි ධීවරයින් විසින් කොටුකරගෙන සිටින අවස්ථාවේදී ඉන්ධීය ධීවරයින් විසින් පෙට්ට්‍රල් බෝම්බ ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් එක් ධීවරයෙකු තුවාල ලැබූ බවටද උතුරු ධීවරයින් පැවසූහ.

එමෙන්ම පේදුරුතුඩුව සුපර්මඩම් ප්‍රදේශයේ ධීවරයින්ගේ රුපියල් මිලියනයකට අධීක වටිනා දැල් ආම්පන්න ඉන්දීය ධීවරයින් විසින් ඊයේ (31) විනාශකොට පලා යාමට එරෙහිව එහි ධීවරයින් විසින් වැල්වැටිතුරෙයි පේදුරුතුඩුව මාර්ගයක් අවහිර කොට ධීවර ගැටලුවලට විසඳුම් ඉල්ලා අද දින උපවාසයක් ආරම්භ කොට ඇත.

මේ අතර අච්චුවේලි පොලිස් වසමේද ධීවරයින් විසින් ඉන්දීය ධීවර ප්‍රහාරයන්ට එරෙහිව අච්චුවේලි ප්‍රධාන මාර්ගයක් අවහිර කරමින් අද (01) විරෝධතාවක් සංවිධානය කොට ඇති අතරම පලාලි පොලිස් වසමේ ඇන්ටනීපුරම් ප්‍රදේශයේද මාර්ගයන් අවහිර කරමින් අද දින විරෝධතාවන් සංවිධානය කොට ඇත.

විරෝධතාවනහි නිරත යාපනයේ ධීවරයින් වැඩිදුරටත් පවසා සිටින්නේ උතුරු ධීවරයින් සහ ඉන්දීය ධීවර ගැටලුව වෙනුවෙන් ආණ්ඩුව කිසිදු පියවරක් නොගැනීම මත මේ වන විට උතුරුමුහුදු තීරයම දැඩි අවධානම් තත්වයක පසුවන අතරම දෙරටේ ධීවරයින් දුටු තැන ගැටුම් ඇතිකරගැනීමේ වාතාවරනයක් නිර්මාණය වී ඇති බවවටත් මේ නිසාවෙන් කඩින්ම විසඳුමක් ගෙන ඉන්දීය ධීවර ගැටලුව විසඳා දෙන ලෙසටය.

මේ අතර පේදුරුතුඩුවේ දී පැවති ධීවර විරෝධතාවයක් සමනය කිරීමට පැමිණි ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට එම ධීවරයන්ගෙන් දැඩි විරෝධතාවක් එල්ල විය. ඒ හේතුවෙන් අමාත්‍යයවරයා ධීවරයන් සමඟ සාකච්ඡා කිරීම පසෙක ලා එම ස්ථානයෙන් පිටව ගියේය.

නාවික හමුදා මාධ්‍යය ප්‍රකාශකවරයා මාධ්‍යය වෙත පවසා සිටියේ යාපනය වඩමාරච්චි නැගෙනහිර සක්කොට්ටෙයි මුහුදු තීරයේදී උතුරු ධීවරයින්ට පහරදී දැල් ආම්පන්න විනශා කොට පලා ගිය ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා දෙකකට අයත් ධීවරයින් 21 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි.

අදාල ඉන්දීය ධීවරයින්ගේ යාත්‍රා උතුරු ධීවරයින් විසින් වටකොට ඒ පිළිබඳව උතුරු නාවික විධානයට දැනුම් දී ඇති අතර පසුව උතුරු ධීවරයින්ගේ යාත්‍රාවන්ට පහරදී පලායාමට උත්සහා ගත් ඉන්දීය ධීවරයින්ගේ ට්‍රෝලර් යාත්‍රාවන් පසුපස නාවික හමුදාව ලුහුබැඳ ගොස් ට්‍රොලර් යාත්‍රා දෙකක් නාවික හමුදා භාරයට ගනු ලැබීය.

අත්අඩංගුවට පත් ඉන්ධීය ධීවරයින් 21 දෙනා කන්කසන්තුරෙයි නාවික හමුදා කඳවුරට රැගෙන ඒමෙන් පසුව වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ධීවර හා ජලජසම්පත් දෙපාර්තමේන්තු නිලධාරීන්ට භාරදීමට නාවික හමුදාව පියවර ගනු ලැබීය.

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More