විදුලි අර්බුදය මඟහරවා ගැනීම සඳහා තමන් සතුව ඇති විදුලි උත්පාදන යන්ත‍්‍ර භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය කොළඹ නගරයේ පාරිභෝගිකයින්ගෙන් ඉල්ලා සිටී.
එසේ ජනනය කරන විදුලිය සඳහා ඒකකයකට රුපියල් 36ක් ගෙවීමට විදුලිබල මණ්ඩලය ඉදිරිපත් වී ඇත. එම ගාස්තුව දැනට පුද්ගලික සැපයුම්කරුවන්ගෙන් මිල දී ගන්නා ඒකක මිලට වඩා ඉහල අගයකි.
එසේ උත්පාදනය කරන විදුලිය ලංවිම විසින් මිල දී ගෙන පාරිභෝගිකයන්ට අදාළ මිලට නැවත අලෙවි කරයි. ජනනය වන ඒකක තීරණය කිරීම සඳහා විදුලිබල මණ්ඩලය මීටර් සවි කරනු ඇත.
මෙම ක්‍රියාවලිය හරහා විදුලිබල මණ්ඩලයට මෙගාවොට් 100ක පමණ විදුලිය ඉතිරි කර ගැනීමට අපේක්ෂා කෙරයි.
විදුලිබල උත්පාදනයට අවශ්‍ය ඉන්ධන හිඟය සහ ජල විදුලි උත්පාදනය පහත වැටීම හේතුවෙන් විදුලිය හිඟවීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇත.
ඉවුම් පිහුම් උපකරණ ඇතුළු විදුලි උපකරණ භාවිතය අවම කරන ලෙසද විදුලි පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටියි.
කාර්යබහුල වේලාවන්හිදී, මධ්‍යම රාත්‍රියෙන් පසු වීදි ලාම්පු, වෙලද දැන්වීම් පුවරු, උද්‍යාන ලයිට් නිවා දමන ලෙස පළාත් පාලන ආයතනවලින් ඉල්ලා ඇත්තේද විදුලිය ඉතිරි කර ගැනීම සඳහායි.
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ සභාපති ජනක රත්නායක පැවසුවේ ඉදිරි සතිවලදී විදුලිය විසන්ධි වීම වැළැක්වීම සඳහා මෙම ඉල්ලීම ඉදිරිපත් කරන බවය.
ගෑස් හිඟය හේතුවෙන් පාරිභෝගිකයින් ආහාර පිසීම සඳහා විදුලි උපකරණ වෙත යොමු වී ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස දිනකට මෙගාවොට් 450ක පමණ අමතර ප්‍රමාණයක් වැය වන බවත් එම නිසා උදේ 6ට පෙර සහ සවස 6ට පෙර ආහාර පිසීම සිදුකරන ලෙස පාරිභෝගිකයන්ගෙන් ඉල්ලා සිටින බවත් රත්නායක මහතා පැවසීය.
මේ අතර පෞද්ගලික විදුලි බලාගාරවලින් විදුලිය මිලදී ගැනීමට විදුලි බල අමාත්‍යාංශය තීරණය කර තිබේ. අමාත්‍ය ගාමිණි ලොකුගේ මහතා ඒ සදහා වන යෝජනාව හෙට දිනයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...