දේශීය පුවත්

හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යෑම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ (29) පැවති ගුවන් හමුදා වරලත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය.

දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබා දෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බව ජනාධිපතිතුමා කියා සිටී.

වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේ දී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේ දී කළ මෙහෙවර ජනාධිපතිතුමා විසින් ඇගයීමට ලක් කෙරිණ. හමුදාවේ තාක්ෂණික හස්තයක් ලෙස ගුවන් හමුදාවෙන් පූර්ණ නිපුණත්වයක් අපේක්ෂා කෙරේ. ඒ සඳහා නව්‍ය තාක්ෂණයෙන් ගුවන් හමුදා නිලධාරීන්ගේ වෘත්තීයභාවය නිතැතින් පරිපූර්ණ විය යුතුය. නිලධාරීන්ගේ අවංකභාවය සහ විනය තුළ ඇති වටිනාකම පෙන්වා දුන් ජනාධිපතිතුමා තම නායකත්වය යටතේ සිටින සෙසු නිලයන් කෙරෙහි පවතින අව්‍යාජ සැලකිල්ල මත ප්‍රබල බලපෑමක් ඇති කළ හැකි බව පැවසීය. ඔවුන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවීමෙන් ඔවුන්ට හැකි සෑම දෙයක්ම නිලධාරීන් වෙනුවෙන් ඉටුකරන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

පාඨමාලා කාණ්ඩ 06ක් යටතේ වසර තුන හමාරත්, හතර හමාරත් අතර කාල පරාසයක් තුළ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 153 ක් අධිකාරියට පත්ව අද විසිර ගියහ. ගුවන් හමුදා ඉතිහාසයේ නිලධාරීන් වැඩිම සංඛ්‍යාවක් එකවර විසිර ගිය පළමු අවස්ථාව ලෙස මෙය සනිටුහන් කෙරේ.

ගුවන් හමුදා පියාසර කෙඩෙට් නිලධාරීහු විසි දෙදෙනෙකුට හා කාන්තා පියාසර නිලධාරිනියන් හය දෙනෙකුට ජනාධිපතිතුමා විසින් පියාසර නිල ලාංඡනය පැළඳවිණ. සියලුම පාඨමාලාවන්හි විශිෂ්ඨ දක්ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීහු 14 දෙනෙක් ජනාධිපතිතුමා අතින් සම්මාන ලබා ගත්හ.

ගුවන් හමුදා තූර්ය වාදන කණ්ඩායම ඉදිරිපත් කළ සංදර්ශනය නැරඹූ ජනාධිපතිතුමා විසිර යන නිලධාරීන් සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපතිතුමාගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් පිරිනැමූ අතර අනතුරුව ජනාධිපතිතුමා විසින් ගුවන් හමුදා කඳවුරේ තබා ඇති විශේෂ සමරු ග්‍රන්ථයේ සටහනක් තැබිණ.

ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ, නිලධාරීහු, සෙසු නිලයෝ, නව නිලධාරින්ගේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More