ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයකට අනුව 2021 වසරේ නොවැම්බර් මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම 2020 නොවැම්බර් මාසයට සාපේක්ෂව 19.7%කින් ඉහළ ගොස් තිබේ.
එම නිවේදනයට අනුව මෝටර් රථ ආනයනය කිරීම සැලකියයුතු ලෙස අඩුවීම මධ්‍යයයේ වුවද ආහාර හා ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම ඉහළ යාම ඊට හේතුවී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුවේ එම වාර්තාවට අනුව 2020 වසරේ නොවැම්බර් මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 255.5 ක් වන අතර 2021 වසරේ නොවැම්බර් මාසයේ පාරිභෝගික භාණ්ඩ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 305.8 කි.
ඉහළ ගිය ආනයන වියදම් අතර ආහාර නොවන පාරිභෝගික භාණ්ඩ යටතේ වන ඖෂධ, එන්නත්, ජංගම දුරකථන, යටඇඳුම්, රූපවාහිනී, ශීතකරණ යන අංශවල ආනයන වියදම ප්‍රධාන වශයෙන් අඩංගු බව එම වාර්තා අනාවරණය කරයි.
කෙසේ වුවද 2020 වසරේ නොවැම්බර් මස එම කාණ්ඩයේ ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 130.9ක් වෙද්දී 2021 වසරේ නොවැම්බර් එම ආනයන වියදම සඳහන් වන්නේ ඩොලර් මිලියන 169.9ක් ලෙසින් වන අතර එම වැඩිවීම 29.8%ක අගයකට ළඟා වීඇත.
වාර්තාවට අනුව සමස්ත ආනයන වියදම 2020 වසරේ නොවැම්බර් මාසයට සාපේක්ෂව 2021 වසරේ 27.5% කින් ඉහළ ගොස් තිබේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...