දේශීය පුවත්

විදෙස් ප්‍රවෘත්ති සේවයක් සමග පැවති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ පෙබරවාරි මස මැද හෝ මාර්තු මාසය මුල වනවිට අනිවාර්යයෙන් විදුලි කප්පාදුවකට යාමට සිදුවන බවයි.

“කැබිනට් අමාත්‍යවරයෙකු ලෙස පවත්නා තත්ත්වය ගැන මම දැනුවත් කළ යුතුයි. ශ්‍රී ලංකාවේ සෑම වසරකම විදුලි ඉල්ලුම 8% කින් ඉහළ යනවා. එම නිසා රජය සෑමවිටම ඉල්ලුමට සරිලන ලෙස නව බලශක්ති බලාගාර සැපයුමට එක්කළ යුතුයි.නමුත් අවාසනාවන්ත ලෙස 2014 සිට අපගේ බලශක්ති සැපයුමට නව බලාගාර එකතු වී නැහැ. සාමාන්‍යයෙන් ජනවාරි සිට අප්‍රේල් දක්වා පවතින නියඟ කාලගුණයත් සමග අපගේ විදුලි නිෂ්පාදනය වැඩි වශයෙන් යැපෙන්නේ තාප බලාගාර මතයි.දැන් තාප බලාගාරවලට රටේ සමස්ත විදුලි ඉල්ලුම සැපයීමට නොහැකියි. අපි දත්ත බැලුවොත් නොවැම්බර් මාසය වන විට රටේ සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 65%ක් නිෂ්පාදනය වුණේ ජල විදුලියෙන්. නමුත් දැන් එය 25% දක්වා අඩුවී තිබෙනවා. ඒ නිසා මම අනාවැකි පළ කරනවා. මාර්තු මාසය මුල් සමය වනවිට හෝ පෙබරවාරි මැද වනවිට අනිවාර්යයෙන් විදුලිය කැපීමකට යාමට සිදුවෙයි කියා” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More