දේශීය පුවත්

කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පෙරවරුවේ පැවති ගුවන් හමුදා අධිකාරිලත් කැඩෙට් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිවරයා පවසා සිටියේ,යම් කෙනෙක් තමන් යටතේ සිටින නිලධාරීන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරනවිට, ඔවුන් ද ඔවුන්ට හැකි සෑමදෙයක්ම එම පුද්ගලයා වෙනුවෙන් ඉටුකරන බවයි.

එහිදී වැඩිදුරටත අදහස් දැක්වූ ජනාධිපතිවරයා එය සාර්ථක නායකත්වයක එක් ලක්ෂණයක් වන අතර එය තමන් තුළ ප්‍රගුණ කරන ලෙසද ඉල්ලා සිටියේය.

දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබාදෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළයුතු බව පෙන්වා දුන් ජනාධිපතිවරයා වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබාදුන් සේවය හා ජාතිය ගොඩනැගීමේදී මෙන්ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේදී කළ මෙහෙවර ඇගයීමට ලක් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More