දේශීය පුවත්

ලංකා විදුලි බල මණ්ඩලයේ සභාපති එම්.එම්.සී ෆර්ඩිනැන්ඩු මහතා සිය ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කොට ඇති බව වාර්තා වේ.

ලබන පෙබරවාරි මස පළමුවැනිදා සිට තමන් විදුලි බල මණ්ඩල සභාපති ධුරයෙන් සහ අධ්‍යක්ෂ මණ්ඩල සමාජිකත්වයෙන් ඉල්ලා අස්වන බව බව සඳහන් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අද (26) දින ලිපියක් මඟින් දැනුම් දී ඇති අතර එහි පිටපත් විදුලි බල අමාත්‍යවරයා අමාත්‍යංශ ලෙක්ම්වරුන් ඇතුළු ගණනාවක් වෙත යොමු කොට ඇති බවද සඳහන් වේ.

පෞද්ගලික හේතූන් මත ඉල්ලා අස්වන බවට ඔහු සඳහන් කොට ඇති අතර පසුගිය සති කිහිපය පුරා ඔහු ආන්දෝලනාත්මක චරිතයක් බවට පත්ව තිබුණේ විදුලි බල මණ්ඩලයේ සාමාන්‍යාධිකාරීවරයා ලෙස නීත්‍යනුකූල නොවන අයුරින් වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයකු පත් කිරීම හෙතුවෙනි

මේ සම්බන්ධයෙන් විදුලි ඉංජිනේරු සංගමය දැඩි විරෝධයක් පළ කළ අතර මතභේදාත්මක ලෙස පත් වූ වැඩ බලන සාමාන්‍යාධිකාරීවරයා වෙනුවට ඊයේ (25) නව සාමාන්‍යාධිකාරීවරයකු ස්ථිර ලෙස පත් කෙරිණි. මෙම සිදුවීමෙන් අනතුරුව අද දින හදිසිටය් විදුලි බල මන්ඩල සභාපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයා වෙත යොමු කොට තිබුණි.

එමෙන්ම අමරිකානු සමාගමක් සමඟ යුගදනවි විදුලි බලාගාරයේ රජය සතු කොටස් පවරාදීමට ගිවිසුම් අත්සන් කිරීමත් සමග ඔහු පිළිබදව දැඩි කතාබහකට ලක් විය.

කෙසේ වුවද මේ ඉල්ලා අස්වීම ජනාධිපතිවරයා විසින් පිළිගනු ලැබ ඇත්තේද නැද්ද යන්න පිළිබඳව තවමත් තහවුරු ව නැත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More