දේශීය පුවත්

තම පාලන කාලය තුල කටුනායක ඇතිවූ සිදුවීමට වගකීම බාරගෙන එවකට පොලිස්පතිවරයා ඉල්ලා අස් වූ බවත් තමන් පොලිස්පතිට ඉල්ලා අස්වෙන්නැයි කියූ බවත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

හිටපු ජනාධිපතිවරයා වරකාපොල ප‍්‍රදේශයේ විහරස්ථානයක පැවති උත්සවයක් අමතමින් මෙම අදහස් පළ කළේය.

බොහෝ දෙනෙකුට ඒ සිදුවීම් අමතකව ඇති බවත්, අද මොනතරම් අපරාධ සිදුවුවත් පොලිස්පතිවරයා භාවනා කරමින් සිටින බවත් හිටපු ජනාධිපතිවරයා දහන් කළේය.

මේ අතර හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා ඊයේ දිනයේ අම්බලන්ගොඩදී කියා සිටියේ පසුගිය රජය සමයේ සිදු වූ රතුපස්වල, හලාවත, කටුනායක ආදී සිදුවීම් සීමාව ඉක්මවා යාම් බවත් ඒ සම්බන්ධයෙන් කණගාටු වන බවත්ය.

ආසන්න කාල පරාසයන් දෙකක් තුල එකම කාරණයක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සහ ඔහුගේ සොහොයුරා විසින් අදහස් පළ කිරීම ගැන සමාජ ජාලාවන්හි පලවන්නේ විවිධ අදහස්ය.

හිටපු ජනාධිපතිවරයා විසින් බැසිල් රාජපක්‍ෂ මතතාගේ පූර්ව ප‍්‍රකාශය සම්බන්ධයෙන් ප‍්‍රතිචාර දක්වා ඇති බව බොහෝ සමාජ ජාලා පරිශීලනය කරන්නන්ගේ මතයවී තිබේ.

https://www.facebook.com/dasun.chathuranga.randi/videos/1570185609777264/?t=0



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More