රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව ප්‍රසිද්ධ වුවොත් ලොකු ප්‍රශ්නයක් වන බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සඳහන් කර තිබේ.
ඔහු මේ බව සඳහන් කර ඇත්තේ රටේ මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාවක් ලබාදෙන්නැයි කැබිනට් මණ්ඩලයේදී අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.
‘දෙන්න පුළුවන්. නමුත් ඒක එළියට ලොකු ප්‍රශ්නයක් වෙනවා. මම කැබිනට් මණ්ඩලයට දෙන්නම්’ මුදල් අමාත්‍යවරයා සඳහන් කර තිබේ.
එවන් වාර්තාවක් ලැබෙන්නේ නම් හොඳ බව ද ඇමති විමල් වීරවංශ මහතාද සඳහන් කර ඇත.
ඒ අනුව එම වාර්තාව මීළඟ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍යවරයා එකඟතාවය පළ කර තිබේ.
මේ අතර මුදල් අමාත්‍යංශය විසින් කැබිනට් මණ්ඩලයට වාර්තාවක් මගින් දැනුම් දී ඇත්තේ මෙම වසරේ දී ශ්‍රී ලංකා රජය විසින් ගෙවිය යුතු විදේශීය ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් කෝටිය 690ක් බවයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...