දේශීය පුවත්

නියමිත නීති රාමුවක සිට ලබා දී ඇති කොවිඩ් සෞඛ්‍ය මාර්ගෝපදේශ එක රටක් එක සෞඛ්‍ය නීතියක් යටතේ ක‍්‍රියාත්මක නොවන්නේ නම් නිතිපතා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කිරීම පල රහිත ක‍්‍රියාවක් බව රජයේ වෛද්‍යනිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම්, වෛද්‍ය නවීන් ද සොයිසා මහතා ඊයේ (28 දා) ප‍්‍රකාශ කළේය.

කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ, බලවතාට එක විදියක් සහ දුබලයාට තව විදියක් ලෙස මෙරට තුළ ක‍්‍රියාත්මක වීම නිසා අද කොවිඞ් තත්ත්වය සෞඛ්‍ය අංශ පාලනයෙන් ගිලිහී යෑමේ අවදානමට පැමිණ ඇතැයි ද වෛද්‍යවරයා කීවේය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය නවීන් ද සොයිසා මහතා මෙසේද පැවසීය. ‘මැතීන්ට, ඇමැතීන්ට, දුප්පතාට, පොහොසතාට, බලවතාට, දුබලයාට මේ රටේ කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශ ක‍්‍රියාත්මක වන්නේ විවිධාකාරයට සෞඛ්‍ය ගයිඞ් ලයින් එක් එක් අයට ඕනෑ විදිහට නවන්න යෑම නිසා ඒ පිළිබඳව මහජනතාවගේ විශ්වාසය බිඳවැටී අවසන්.

කොවිඞ් සෞඛ්‍ය මාර්ගෝපදේශයන් ආරක්‍ෂා කරන්න, එය නිසි ලෙස කළමනාකරණය කරන්න, සෞඛ්‍ය අමාත්‍යාංශය වගේම ඇමැතිවරයාත් අපොහොසත්ව තිබෙනවා. ඕනෑම කොවිඞ් ප‍්‍රභේදයකින් අපි ආරක්‍ෂිතයි කියලා සෞඛ්‍ය ඇමැති පදනම් විරහිත කතා කියනවා. මේ වගකීම් විරහිත ප‍්‍රකාශ නිසා රටේ ජනතාව නොමග යනවා.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More