ආචාර්ය ඊ.එම්. රත්නපාල මහතා රචනා කළ ‘සිංහල බස් විමසුම’ ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ජලසම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසා ඇත්තේ වර්තමානයේ බොහෝමයක් උසස් අධ්‍යාපන පාඨමාලා ඉංග්‍රීසි භාෂාවට පමණක් සීමාවීම සහ විශේෂවේදී උපාධි සම්පූර්ණයෙන්ම ඉංග්‍රීසි භාෂාවෙන් පමණක් ක්‍රියාත්මකවීම ශ්‍රී ලංකාවේ උරුමයට සහ රටේ අනන්‍යතාවය ආරක්ෂා කරන ජාතික භාෂාවට බරපතළ තර්ජනයක් බවයි. ඒ අනුව උසස් අධ්‍යාපනය ඉංග්‍රීසියට පමණක් සීමා නොකළ යුතු බව ඒ මහතා අවධාරණය කළේය.
“ජාත්‍යන්තරයට පිවිසීමට ඉංග්‍රීසි භාෂාව අවශ්‍ය යැයි අනිවාර්යෙන්ම පිළිගැනීම වුවත් ඒ සෑම දෙයක් තුළින් අපේ භාෂාවට හානියක් නොවී අපගේ භාෂාව ජීව භාෂාවක් වශයෙන් රැකගත යුතුයි. එසේ නොමැතිව අපේ සිංහල සහ දෙමළ භාෂාවන් නොසලකා හැරලා වෙනත් ආදේශක භාෂා මතම පමණක් පිහිටා කටයුතු කිරීම තුළින් අපගේ භාෂාව පරිහානියට පත්වනවා.අප්‍රිකාවේ ඇතැම් ප්‍රධාන භාෂාවන්ට අත්වූ ඉරණම සිංහල භාෂාවටත් අත්විඳින්නට සිදුවනවා. ලෝකයේ බොහෝ රටවල් උසස් අධ්‍යාපනය ලබාදීමේදී තම රටේ භාෂාවේ අනන්‍යතාවයට ප්‍රමුඛතාව දෙමින් කටයුතු කරගෙන යන්නාක් මෙන් ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනය සකස් විය යුතුයි. ” යනුවෙන් පැවසුවේය.
වාසුදේව නානායක්කාර මහතා ජාතික භාෂා අමාත්‍යවරයාව සිටි අවධියේ ඔහු ලද අත්දැකීම් සහ සිංහල භාෂාවේ ඇති වැදගත්කම මෙන්ම අනන්‍යතාවය පිළිබඳව ඒ මහතාගේ සංකල්පයක් මුල් කරගනිමින් ආචාර්ය ඊ.එම්. රත්නපාල මහතා රචනා කළ ‘සිංහල බස් විමසුම’ ග්‍රන්ථය රචනා කර තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...