දේශීය පුවත්

ණය පැහැර හැරීම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකාව බැඳුම්කර හිමියන් සමග සාකච්ඡා කරමින් සිටින අතර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමග ගනුදෙනුවක් පිළිබඳව සාකච්ඡා කිරීමට ද දැන් සලකා බලමින් සිටින බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සඳහන් කර ඇත.

ලන්ඩන් ෆිනෑන්ෂල් ටයිම්ස් පුවත් සේවයට මුදල් ඇමැතිවරයා පවසා ඇත්තේ ණය පැහැර හැරීම වළක්වා ගැනීමට සහ ආර්ථික අර්බුදය සමනය කිරීමට ශ්‍රී ලංකාව සියලු විකල්පයන් සලකා බලමින් සිටින බවයි.

“අපි අන්තර්ජාතික ස්වෛරී බැඳුම්කර ආපසු ගෙවිය යුතු බැවින් මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරමින් සිටිමු. එබැවින් අපට ගැලපීමක් හෝ යම් ආකාරයක දෙයක් සිදුකළ යුතුව ඇත…. මූල්‍ය අරමුදල සමග වැඩපිළිවෙළක් ගැන රජය සිතනු ඇති. අපි මේ වසරේ ඩොලර් බිලියන හයයි දශම නවයක් ගෙවිය යුතු නිසා එය ඉතා අපහසු බව මම දනිමි. ඊට අමතරව, ඖෂධ, අමුද්‍රව්‍ය, ඉන්ධන මේ සියල්ල සඳහා අපට මුදල් සොයා ගැනීමට සිදු වේ,” යැයි මුදල් ඇමැතිවරයා පවසා තිබේ.

විදේශ මුදල් සංචිත නොමැතිකම නිසා විදුලිය විසන්ධි වීම සහ ඉන්ධන, කිරිපිටි ඇතුළු ආනයන හිඟය, ඉලක්කම් දෙකේ උද්ධමනය යන ගැටලු උග්‍ර කර ඇති බවත් තවත් ඩොලර් බිලියන 1 ක් ජූලි මාසයේදී ගෙවීමට නියමිත නමුත් දැනටමත් ශ්‍රී ලංකාවේ විදේශ මුදල් සංචිත අවසන් වී ඇති බවත් ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ ප්‍රකාශ කරයි.

පසුගිය මාසයේ චීනය විසින් ඩොලර් බිලියන 1.5 ක් වටිනා රෙන්මින්බි මුදල් හුවමාරුවක් ලබා දී ඇතත්, මෙය ඩොලරයෙන් නියම කරන ලද ණය ගෙවීමට භාවිත කළ නොහැකි බවද ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ වැඩිදුරටත් පෙන්වාදී තිබේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More