දේශීය පුවත්

හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන නෞකා කොළඹ වරායට ගෙන්වා ගත්තත් ඒවා නිදහස් කර ගැනීමට ඩොලර් මුදා හැරීම පමා කිරීම නිසා ඉකුත් 08 වැනිදා සිට මෙරටට පැමිණි ඉන්ධන නෞකා හයකට ඇමෙරිකානු ඩොලර් ලක්‍ෂ දහයක් (රුපියල් ලක්‍ෂ දෙදහසක පමණ මුදලක්) ප‍්‍රමාද ගාස්තු ලෙස ගෙවීමට සිදුව ඇතැයි තෙල් සංස්ථාව ගණන් බලා තිබේ.

හදිසි මිලදී ගැනීම් යටතේ ඉන්ධන මිලදී ගැනීම නිසා විවිධ පාර්ශ්වවලට මහා පරිමාණයෙන් කොමිස් ලබාගත හැකි මුත් මේ මොහොතේ වෙන කරන්නට දෙයක් නැතැයි ද තෙල් සංස්ථා උසස් නිලධාරියෙක් පැවසීය.

ඉන්ධන නෞකා මෙරටට ගෙන්වා ගැනීමට පෙර මහ බැංකුව දැනුම්වත් කරන්නේ නම් එම නෞකා නිදහස් කර ගැනීමට අදාළ ඩොලර් මුදාහැරීමට හැකි බවට මහ බැංකු අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා සඳහන් කළේය.

ඉන්ධන මිලදී ගැනීම ගොඩබෑම හා බෙදාහැරීමට අදාළ සැලැස්ම මේ වන විට අවුල් ජාලාවක් බවට පත්ව ඇතැයි ද එමගින් සංස්ථාවේ නිලධාරින් පිරිසක් අති විශාල ලෙස මුදල් උපයමින් සිටින බවද එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේය.

මීට පෙර බාල පෙට‍්‍රල් මෙරටට පැමිණියේද හදිසි මිලදී ගැනීම් යටතේ බව සංස්ථා නිලධාරියා පැවසීය.

ඉකුත් මස 08 සහ 09 කොළඹ වරායට පැමිණි මෙටි‍්‍රක් ටොන් 37,500ක් අඩංගු ඞීසල් නෞකාවක්, මෙටි‍්‍රක් ටොන් 37,500ක් අඩංගු පෙට‍්‍රල් නෞකාවක් දින 10කට අධික කාලයක් වරායේ තිබී ඇත. ඊට අමතරව 11දා සහ 12 වැනිදා පැමිණි මෙටි‍්‍රක් ටොන් 30,000ක් අඩංගු පෙට‍්‍රල් හා මෙටි‍්‍රක් ටොන් 30,000ක් අඩංගු ගුවන් යානා තෙල් නෞකා දෙකක් දින අටක් සහ දින 11ක් වරායේ නැංගුරම්ලා තිබී ඇත. ඉන් පසුව 16 වැනිදා වරායට පැමිණි ඞීසල් හා පෙට‍්‍රල් නෞකා දෙකෙන්ද ඉන්ධන ගොඩබෑම් ඊයේ (27 දා) ආරම්භ කර ඇත්තේ දින දහයකට පසුව යැයි ද හෙතෙම කීය.

මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට පෙට‍්‍රල් හා ඞීසල් දින තුනක් ඇතුළත ගොඩබෑමට පහසුකම් තිබියදි ඩොල්ෆින් වරායටත් යළි මුතුරාජවෙල පිටත බෝයාවටත් රැගෙන යමින් තවත් අමතර ගෙවීම් සිදු කරන බවද හෙළි වී ඇත.

මුළු රටම ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටින මොහොතක නැව් සඳහා ප‍්‍රමාද ගාස්තු, රක්‍ෂණ ගාස්තු හා සේවා ගාස්තු ගෙවමින් කොමිස් මුදල් ගසාකන පිරිස් පිළිබඳ සොයා බැලීමට වහා පියවර ගත යුතු බව හෙතෙම කියා සිටියේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More