දේශීය පුවත්

විදේශ අමාත්‍යංශ ශ්‍රවණාගාරයේ දී ඊයේ (26) පැවති නව වසර සඳහා වන ප්‍රථම රාජ්‍යතාන්ත්‍රික හමුවට එක්වෙමින් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43 කට පසුව සංශෝධනය කිරීමට පියවර ගෙන ඇතැයි විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පැවසීය.
මානව හිමිකම් සහ ප්‍රතිසන්ධානයට අදාළ ප්‍රගතිය පිළිබඳ තොරතුරු පෙබරවාරි මස අවසන් සතියේ ආරම්භ වන මානව හිමිකම් කවුන්සිලයේ 49 වැනි සැසිවාරයට ප්‍රථම හුවමාරු කරගැනීම, මෙම හමුවේ අරමුණ වූ බව එතුමා සඳහන් කළේය.

ජාත්‍යන්තර සම්මතයන්ට සහ වඩාත් හොඳම භාවිතයන්ට අනුකූලව සකස් කිරීමේ අරමුණින් මෙම පියවර ගෙන ඇතැයි පැවසූ  විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා
“යෝජිත සංශෝධන ඇතුළත් පනත් කෙටුම්පත ගැසට් කර ඉන් අනතුරුව අවසන් අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.රැඳවුම් නියෝග, සීමා කිරීමේ නියෝග, නියෝග පිළිබඳ අධිකරණ සමාලෝචන කඩිනම් ලෙස පිළිගැනීම, දීර්ඝ කාලීනව රඳවා තබා ගැනීම වැළැක්වීම සඳහා චෝදනා ලැබූවන්ගේ නඩු කඩිනමින් විසඳා අවසන් කිරීම, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට බාධා වන වගන්ති අවලංගු කිරීම, මහේස්ත්‍රාත්වරුන් සහ අධිකරණ වෛද්‍ය නිලධාරීන්ගේ ප්‍රවේශය පිළිබඳ විධිවිධාන හඳුන්වා දීම, රැඳවුම් කාලය තුළ හිංසනයන් සහ වධහිංසා පැමිණවීම වැළැක්වීම, පවුලේ අය සමඟ අදහස් හුවමාරු කිරීමේ අයිතිය, දිගුකාලීන රැඳවියන්ට ඇප ලබාදීම සහ එදිනෙදා නඩු විභාග කිරීම යනාදී පරිච්ඡේද සම්බන්ධයෙන් වන සුවිශේෂී සංශෝධන ඊට ඇතුළත්ව තිබෙනවා.දීර්ඝ කාලීන රැඳවියන් සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යවරයාට උපදෙස්දීම සඳහා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ 13 වැනි වගන්තිය යටතේ උපදේශක මණ්ඩලයක් පිහිටුවීම, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් හෝ සීමා කිරීමේ නියෝගයක් ලබා ඇති ඕනෑම පුද්ගලයෙකුට එම නියෝගය සමාලෝචනය කිරීම සඳහා ඉල්ලීමක් යොමු කිරීමට අවස්ථාවක් ලබා දීම ආදිය ඊට ඇතුළත් ” යනුවෙන් පැවසුවේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More