පසුගියදා අත්සන් කෙරුණු ගිවිසුම ප්‍රකාරව ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ටැංකි 61ක කළමනාකරණය සඳහා පිහිටුවනු ලැබූ ත්‍රිකුණාමලය ඛනිජ තෙල් පර්යන්ත සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩලය ප්‍රකාශයට පත්කර ඇති බව වාර්තාවේ.
ඒ අනුව නව සමාගමේ සභාපති ධූරයට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ ද සභාපති ධුරය හොබවන සුමිත් විජේසිංහ මහතා පත්කර තිබේ. අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් ලෙස ආචාර්ය ප්‍රභාත් සමරසිංහ, නීතිඥ භූපති කහතුඩුව, ඉංජිනේරු ධම්මික මල්ලිකාරච්චි යන මහත්වරු පත්ව සිටිති.
ඉන්දියන් ඔයිල් සමාගම සිය අධ්‍යක්ෂකවරුන් ලෙස මනෝජ් ගුප්තා, අසීම් භාර්ගව, රාජේෂ් භගත් යන මහත්වරු පත් කර ඇති බවද කියවේ.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...