දේශීය පුවත්

ලංවිම ඉංජිනේරු සංගමය පවසන්නේ දිනකට පැය හතර පහක විදුලි කප්පාදුවකට රට තල්ලූ නොකොට දැන් සිටම දිනකට පැයක්  හෝ පැය දෙකක් විදුලි කප්පාදුවකට යෑම අත්‍යවශ්‍ය බවයි.

එහිදි ඔවුන් වැඩිදුරටත් පවසන්නේ මේ වනවිට ජල විදුලිය නිෂ්පාදනය සියයට විසිපහ දක්වා අඩුවී ඇති බවත් තවදුරටත් අඛණ්ඩව විදුලි බලය ලබාදෙමින් කටයුතු කරගෙන ගියහොත් විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජලය පහළ බැස පවතින විදුලි අර්බුදය උග‍්‍ර අතට පත්වනු ඇති බවයි.

ඔවුනට අනුව මේ වන විට ජල විදුලි බලාගාර ආශි‍්‍රත ජලාශවල ජල මට්ටම සියයට 60 ක් පමණ දක්වා අඩුවී ඇති අතර ජල මට්ටම සියයට 40 ට පහළ ගිය පසු ජල විදුලි නිෂ්පාදනය නතර කිරීමට සිදුවේ.

ලංවිමයට ඉන්ධන මිලදී ගැනීමට ඩොලර් නොමැති නිසා හදිසි මිලදී ගැනීම් යටතේ පෞද්ගලික ඩීසල් බලාගාරවලින් වැඩි මිල ගණන්වලට විදුලිය ලබා ගැනීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන නිසා හොඳම විසඳුම දිනකට පැයක් දෙකක් විදුලිය කප්පාදු කිරීම යැයි ද ඔවූහු අවධාරණය කරති.

මෙවැනි ක්‍රියාමාර්ග නොගෙන හිතුවක්කාර ලෙස මෙයාකාරයට අඛණ්ඩව විදුලිය ලබාදෙමින් කටයුතු කරන්නට ගියහොත් ඉදිරි සති තුන හතරට පසු දිනකට පැය හත, අට විදුලිය කපා දැමීමකට රට තල්ලූ වී යා හැකි බවද එම සංගමය පවසයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් “දිනකට පැයක් එකහමාරක් හෝ ඊට වැඩි කාලයක් විදුලිය කපා දමන ලෙස ඉල්ලමින් ශී‍්‍ර ලංකා මහජන උපයෝගිතා කොමිසමෙන් අවසර ඉල්ලා ඇත්තේ හේතු ඇතුවයි. දැනට කි‍්‍රයාත්මක තාප බලාගාර කාර්මික දෝෂවලට ලක්විය හැකියි. අප සිටින්නේ දැඩි අවදානම්කාරී මොහොතක ” යනුවෙන් ඔවුහු පැවසූහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More