ලංකා ඉන්දීය තෙල් සමාගම ප්‍රකාශයක් නිකුත් කරමින් ලංකා විදුලිබල මණ්ඩලයට විදුලිය නිෂ්පාදනය සඳහා ඉන්ධන සැපයීමට නොහැකි බව නොකියන නමුත් ඒ සඳහා ශ්‍රී ලංකාව ඩොලර් වලින් ගෙවීම් කළ යුතු බව පවසා ඇති බව වාර්තාවේ.
එහිදී සමාගම වැඩිදුරටත් පවසා ඇත්තේ ඉන්ධන ආනයනය සඳහා ණයවර ලිපි විවෘත කිරීමේ දී විදේශ විනිමය අර්බුදයකට මුහුණදී සිටින බැවින් එම ප්‍රශ්නයට විසඳුම් ශ්‍රී ලංකා පාර්ශවයෙන් ලබාදිය යුතු බවයි.
ඉන්දියාවෙන් ලැබෙන ඩොලර් මිලියන 500ක ණය පහසුකම භාවිතා කරමින් ඉන්දීය තෙල් සමාගමෙන් ඉන්ධන මිලදී ගැනීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් කළ ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් දක්වන ඉන්දීය තෙල් සමාගම පවසාන්නේ තම සමාගමට ඒ සම්බන්ධයෙන් අදහස් දැක්විය නොහැකි බවත් එය තම සමාගමේ විෂය පථයෙන් පිටත පතින කරුණක් බවත්ය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...