දේශීය පුවත්

පසුගිය වසර 10ක කාලය තුළ දූෂණය පිටු දැකීමේ දී කිසිදු ප්‍රගතියක් ලබා නොමැති CPI දර්ශකයේ රටවල් 86% අතර ශ්‍රී ලංකාව ද සිටින බව ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ආයතනය පවසයි.

මෙය හෙළි වී ඇත්තේ, ඊයේ (25) එළි දැක්වූ ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් (TI) ජාත්‍යන්තර ආයතනය සම්පාදනය කළ නවතම දූෂණ සංජානන දර්ශකය (CPI)ට අනුවයි.

ලෝක බැංකුව, ලෝක ආර්ථික සමුළුව, පෞද්ගලික අවදානම් සහ උපදේශන සමාගම්, බුද්ධි මණ්ඩල සහ වෙනත් පාර්ශ්ව ඇතුළුව බාහිර මූලාශ්‍ර 13කින් ලබා ගත් දත්ත අනුසාරයෙන් ලොව පුරා රටවල් සහ භූමි ප්‍රදේශ 180ක රාජ්‍ය අංශයේ දූෂිත ක්‍රියාකාරකම් පදනම් කර ගනිමින් CPI අගයන් ගණනය කිරීම සිදු කෙරේ.

දූෂණ සංජානන දර්ශක පරිමාණය, ලකුණු 0 (බෙහෙවින් දූෂිත) සිට 100 (ඉතා පිරිසිදු) යන ආකාරයට අගයන් ලබා දෙමින් රටවල් ශ්‍රේණිගත කරයි.

2021 වසරේ ශ්‍රී ලංකාව ලබා ගත් CPI අගය 37ක් වන අතර එය පසුගිය වසරේ ලබා ගත් අගයට (38) වඩා එකකින් අඩු වේ.

2020 වසරේ 94 වන ස්ථානය ලැබූ ශ්‍රී ලංකාව 2021 වසරේ 102 වන ස්ථානය දක්වා පසු බැස ඇත.

ඒ අනුව දූෂිතම රටවල් අතරින් 68වන ස්ථානය හිමිව තිබේ.

2016 වසරේ දී අවම අගය 36කුත් 2012 වසරේ දී උපරිම අගය 40කුත් වශයෙන් පසුගිය වසර 10 තුළ ශ්‍රී ලංකාවේ CPI අගය සාපේක්ෂ වශයෙන් එක් පරාසයක පැවත ඇත.

ඩෙන්මාර්කය (88), පින්ලන්තය (88) සහ නවසීලන්තය (88) දර්ශකයෙහි ඉහළින් සිටින රටවල් වන අතර සෝමාලියාව (13), සිරියාව (13) සහ දකුණු සුඩානය (11) එහි පහළ ස්ථානවල සිටී.

අල්ලස, රාජ්‍ය මුදල් අවභාවිතය, දූෂණ ක්‍රියා උදෙසා ඵලදායි ලෙස නඩු පැවරීම, ප්‍රමාණවත් නෛතික රාමු, තොරතුරුවලට ප්‍රවේශය සහ අකටයුතු නාදකයන්, මාධ්‍යවේදීන් සහ විමර්ශකයන් සඳහා වන නෛතික ආරක්ෂාව යන ක්‍රියාකාරකම් දූෂණ සංජානන දර්ශකය සම්පාදනයේ දී පදනම් වී ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More