දේශීය පුවත්

විදේශිකයන් විසින් කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සැපයුම්කරුවන්ට අනිවාර්යය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මීට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය නිකුත් කර ඇති බවත් එමගින් එම නීති ප‍්‍රකාශයට පත්කර ඇති බවත් මහ බැංකුව කියයි.

මේ සම්බන්ධයෙන් වැඩිදුර කරුණු දක්වන මහ බැංකුව මෙසේද පවසයි.

ශී‍්‍ර ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදුකරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් රීති නිකුත් කරන ලදී. මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41 දරන අති විශේෂ ගැසට් පත‍්‍රයේ ප‍්‍රකාශයට පත්කර ඇත.

මෙම රීති නිකුත් කිරීමත් සම`ග ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත‍්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින් ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් වන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාරගත යුතුය. එවැනි විදේශ මුදල් හෝටල් සේවා සැපයුම්කරුගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කිරීම හෝ බලපත‍්‍රලාභී බැංකුවකට විකිණීම ව්‍යාපාරික දින තුනක් ඇතුළත කළ යුතුය. ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් විසින් විද්‍යුත් මුදල් හුවමාරු කාඞ්පත් (ණයපත්, හරපත්, සංචාරක කාඞ්පත් යනාදී) හරහා සිදුකරන ගෙවීම් හෝටල් සේවා සැපයුම්කරුවාගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැරකළ යුතුය.

එසේ වුවත් ශ‍්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ මුදල් බලපත‍්‍රලාභී බැංකුවක් හෝ බලයලත් මුදල් හුවමාරුකරන්නෙකු හරහා ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද බවට අදාල මුල් ලේඛන ලබාදිය හැකි නම්, හෝටල් සේවා සැපයුම්කරුවන්ට ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් විසින් ශ‍්‍රී ලංකා රුපියල් වලින් කරන ගෙවීම් භාරගත හැක.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More