දේශීය පුවත්

ලිට්‍රෝ සමාගමේ කටයුතු රජයේ විගණකාධිපතිවරයාගේ විගණනයට ලක් නොකිරීමට අදාළව නීතිමය පියවර ගැනීම සඳහා ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයකු රුපියල් දෙකෝටි දසලක්ෂයක මුදලක් නීති උපදේශක සමාගමකට වැය කර ඇත.

මෙම කරුණු හෙළි වී ඇත්තේ රජයේ විගණනයකදී යැයි ඊයේ (25 දා) බත්තරමුල්ලේ වෝටස්එජ් හෝටලයේ පැවැති ශී‍්‍ර ලංකා විගණන සේවයේ 63 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය.

ලිට්‍රෝ සමාගමේ හිටපු සභාපතිවරයා ඒ කාලයේදී මාසයකට රුපියල් ලක්ෂ විස්සක වැටුප් හා දීමනා ලබාගෙන ඇතැයි ද පසුව ඔහුව අස්කර දමා ඇතැයි ද විගණන සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය.

19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනයේදී සිංහල හා දෙමළ පරිවර්තනයේ ඇති වචනයක් අල්ලාගෙන ලිට්‍රෝ සමාගම රජයේ විගණනයට ලක්කළ නොහැකි බව කියමින් ඊට නෛතික බලතල ලබාගැනීම සඳහා මෙලෙස රුපියල් 21,000,000 ක මුදලක් නීති උපදේශක සමාගමකට ලබාදී ඇත.

කෝප් කමිටුවේ හිටපු සභාපති චරිත හේරත් මහතා ද මෙම අවස්ථාවට එක්ව සිට ඇත.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More