ව්‍යාපාරික පුවත්

2021 දෙසැම්බර් මාසයේ දී විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ එක්සත් ජනපද ඩොලර් මිලියන 325ක් විය. 2020 දෙසැම්බර් මාසයේ දී ඩොලර් මිලියන 813 ක් විදෙස් ප්‍රේෂණ ලෙස ලැබී තිබුණි.

ඒ අනුව වාර්ෂික පදනම මත 2021 දෙසැම්බර් මාසයේ දී විදෙස්ගත සේවා නියක්තිකයින්ගෙන් ලද ප්‍රේෂණ 60% කින් අඩු වී ඇත.

සමුච්ඡිත පදනම මත, විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ 2020 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 7,104ට සාපේක්ෂව 2021 වසරේ එක්සත් ජනපද ඩොලර් මිලියන 5,491 ක් විය.

මෙය ඩොලර් මිලියන 1,613 ක හෙවත් 22.7% ක පහළ යාමකි.

ප්‍රධාන වශයෙන් පුහුණු (6,215), ගෘහ සේවිකා (5,507) සහ නුපුහුණු (4,889) යන කාණ්ඩවල දායකත්වයෙන්, විදේශ රැකියා සඳහා පිටත්ව යෑමේ සමස්තය, 2021 වසරේ නොවැම්බර් මාසය තුළ දී පෙර මාසයට සාපේක්ෂව 19,805ක් දක්වා සියයට 25.9කින් වර්ධනය වී තිබේ.

ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද 2021 නොවැම්බර් මාසයේ විදේශීය අංශයේ ක්‍රියාකාරීත්ව වාර්තාවෙහි මේ බව සඳහන් වේ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More