දේශීය පුවත්

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සමකැඳවුම්කරු එස්. ජී. විතානගේ මහතා මාධ්‍යය අමතමින් පවසා සිටියේ දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් තොග ශීඝ‍්‍රයෙන් අඩුවෙමින් තිබෙන බවත් තවත් දින හතරකට පසුව දුම්රියට අවශ්‍ය ඩීසල් දෛනිකව ලබා නොදුන්නොත් දුම්රිය ධාවන කටයුතු සීමා කිරීමට සිදුවනු ඇති බවයි.

එහිදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ කොවිඩ් වසංගතයට පෙර, දිනකට දුම්රිය ගමන් වාර 344 ක් ක‍්‍රියාත්මක වුවත් මේ වනවිට දිනකට ධාවනය වන්නේ දුම්රිය ගමන්වාර 240 ක් පමණක් බවත් දුම්රිය ධාවන කටයුතුවලට අවශ්‍ය ඩීසල් ලීටර් ලක්‍ෂ පහක් හයක් පමණ ධාවනාගාරවල ගබඩාකර තිබුණත් මේ වනවිට එම සංචිත පහළ බැස ඇති බවත්ය.

“මේ දිනවල ධාවනය වන දුම්රිය ගමන්වාර සඳහා දිනකට ඩීසල් ලීටර් 90,000 ක් පමණ අවශ්‍ය වනවා. තව දින හතරකින් පමණ තිබෙන සංචිත ප‍්‍රමාණයත් අවසන් වනවා. එසේ වුවහොත් දුම්රිය ධාවනයට අවශ්‍ය ඩීසල් දෛනිකව ලබාදීමට සිදුවන වනවා. එසේ නොවුණහොත් දුම්රිය ධාවන කටයුතුත් කොට උඩ යන එක වලක්වන්න බැහැ.”

මේ වන විට කොළඹ හා තවත් ප‍්‍රදේශ කිහිපයක ධාවනාගාරවල තිබූ ඩීසල් ලීටර් 26730 ක් අඩංගු ටැංකිවලද ඉන්ධන හිඳී ඇතැයි පෙන්වා දුන් විතානගේ මහතා තෙල් සංස්ථාව සතුවද මේ වන විට ඉන්ධන තිබෙන්නේ දින හත අටකට පමණකැයි බලශක්ති ඇමැති උදය ගම්මන්පිල මහතා ප‍්‍රකාශ කර ඇති නිසා දැනට කොළඹ වරායට පැමිණ තිබෙන මෙටි‍්‍රක් ටොන් 37500 ක් අඩංගු ඩීසල් නෞකාව වහා ගොඩබෑමට පියවර නොගතහොත් දුම්රිය ධාවනයටත් එය තදබල ලෙස බලපානු ඇතැයි අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More