ඊයේ (25) පස්වරුවේ සිරිමාවෝ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ සහ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේ දී දේශීය හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ විශිෂ්ට නිර්මාණ ජාතික මට්ටමේ ඇගයෙන “ශිල්ප අභිමානී – 2021” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
“ජාතික ශිල්ප අභිමානී” ජනාධිපති සම්මාන උළෙල වාර්ෂිකව සාම්ප්‍රදායික, සංස්කෘතික හා කලා වටිනාකමකින් යුත් විශිෂ්ට නිර්මාණ සංරක්ෂණය, සංවර්ධනය හා කලා ශිල්පීන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් පවත්වනු ලබන උත්සවයකි.
වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයේ මඟපෙන්වීම යටතේ ජාතික ශිල්ප සභාව විසින් සම්මාන උළෙල සංවිධාන කෙරුණු මෙම උත්සවයේදී දිවයින පුරා විසිරී සිටින පාරම්පරික හා නූතන හස්ත කර්මාන්ත ශිල්පීන්ගේ නිර්මාණ පළාත් හා ජාතික මට්ටමින් ඇගයීමට ලක් කෙරුණු බවද කියවේ.
ප්‍රධාන අංශ 21ක් යටතේ නිර්මාණ තෝරාගැනීම විශ්වවිද්‍යාල ආචාර්ය හා මහාචාර්යවරුන්ගෙන් සැදුම්ලත් විනිශ්චය මණ්ඩලයක් විසින් සිදු කර ඇති බව උළෙල සංවිධායකයෝ පවසති.
මෙහිදී නිර්මාණ 8,000ක් අතරින් පළාත් මට්ටමින් තෝරාගත් ජයග්‍රාහකයන්ට රිදී සම්මාන පිරිනමනු ලැබූ අතර ජාතික මට්ටමින් සාම්ප්‍රදායික හා නූතන කලා අංශයන්ගෙන් සුවිශේෂි දක්ෂතා දක්වමින් ජයග්‍රහණය කළ කලාකරුවන් දෙදෙනෙකුට ජනාධිපතිවරයා අතින් “ස්වර්ණ සම්මාන” පිරි නමණු ලැබීය.
හස්ත කර්මාන්ත ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපකිරීම් කළ ශිල්පීන් සඳහා ජීවිත කාලයටම බල පැවැත්වෙන මාසික මූල්‍යාධාර ලබාදීම සංකේතවත් කරමින් ශිල්පීන් දෙදෙනෙකු සඳහා ආධාර ප්‍රදානය, රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා අතින් සිදු කෙරිණ.
අවශ්‍ය මූලික යටිතල පහසුකම් සපයා දෙමින් සාම්ප්‍රදායික කර්මාන්තකරුවන් නගාසිටුවීමට කොවිඩ් වසංගතය හමුවේ වුව ද තම අමාත්‍යාංශය කටයුතු කළ බව වේවැල්, පිත්තල, මැටි, ලී බඩු සහ ග්‍රාමීය කර්මාන්ත ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර මහතා සම්මාන උළෙල අමතමින් සඳහන් කළේය.
තාක්ෂණය, ජාත්‍යන්තර වෙළෙඳපොළ සහ අන්තර්ජාලය ඔස්සේ ඉල්ලුම්කරුවන්ට දේශීය හස්ත නිර්මාණ මිලදී ගැනීමේ ක්‍රියාදාමය ඇති කිරීමට හැකි වීම නිර්මාණකරුවන් ලද විශේෂ ජයග්‍රහණයක් බව අමාත්‍යවරයා පැවසීය.
සම්මාන උළෙල තේමා කරගනිමින් නිර්මාණය කෙරුණු මුද්දරයක් සහ මුල් දින කවරය ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා විසින් ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...