දේශීය පුවත්

යුද අපරාධ චෝදනා වලින් රණවිරුවන්ව නිදහස් කර ගැනීමට ආණ්ඩුව පියවර ගන්නේ නැතිනම් ඉන් අදහස් වන්නේ ආණ්ඩුවේ යම් පිරිසක් දෙමළ ඩයස්පෝරාවට කප්පම් දීම මගින් ප්‍රශ්නය බේරා ගැනීමට උත්සාහයක් බව යැයි සඳහන් කරුණ පිළිබඳව “ලංකා ලීඩ් නිවුස්” විමර්ශණ අංශය ගෝලීය ශ්‍රී ලාංකික සංසදයේ විධායක කමිටුවේ ලේකම් යසස් ධර්මදාස මහතාගෙන් විමසූ විට ඔහු පවසා සිටියේ “දැන් අපට සිදුවී ඇත්තේ රණවිරුවන් රැක ගැනීමට ජිනීවා යෑමට නොව පැකේජ් ක්‍රමයට රට ඩයස්පෝරාවට හිලව් කිරීමෙන් බේරා ගැනීමට ජනවිරුවන් වෙත යෑමටයි” යනුවෙනි. එතුමාගේ සම්පූර්ණ ප්‍රකාශය පහත සඳහන්වේ.

“අධිකරණ ඇමතිවරයාටත් වැඩිය නීතිය පිළිබඳව පරිචයක් තියෙන ඇමතිවරයෙක් යුද අපරාධ චෝදනා වලට පිළිතුරු බැඳීමට යෑම චෝදනා පිළි ගැනීමකට ලක්කිරීමක් යැයි පැවසීම ඉතා භයානක කතාවක්. සවුදියේ රජ කුමරෙක්වන එවකට හිටිය මානව හිමිකම් මහ කොමසාරිස්වන සයිඩ් අල් රහල් OISL චෝදනා සහ ඳඬුවම් ගෙන එමින් පවසා සිටියේ එම යුද අපරාධ චෝදනා ගෙන එන්නේ හමුදාවේ සෙබලුන්ගේ මුහුණේ ගෑවුන දැලි ඉවත් කිරීම පිණිස බවයි. ඇත්ත වශයෙන්ම ඔවුන් කළේ නොතිබුන දැලියක් අපේ රණවිරුවන්ගෙ මුහුණුවල තැවරීමයි. මේ රජය ආවෙ ඒ දැලි ඉවත්කරයි කියන බලාපොරොත්තුවෙන්. නමුත් දැන් පැහැදිළි වන්නේ රජය රණවිරුවන්ගේ මුහුණේ ගෑවුන දැලි ඉවත් කිරීම පසෙක තබා වෙන වෙන ක්‍රම පිළිබඳව විශ්වාසය තබන බවයි. නම් කර ඇති යුද අපරාධ චෝදනාලාභී ප්‍රධාන රණවිරුවන්ටවත් එවන් මුහුණ පිරිසිඳු කර ගැනීමේ අවශ්‍යතාවයක් තියෙන බවක් දැන් පෙනෙන්නෙ නෑ. ඒ වෙනුවට ඔවුනුත් පසුවන්නේ ආණ්ඩුව ගෙනයන්නාවූ ක්‍රමය පිළිබඳව දැඩි විශ්වාසයකින්. ඔවුනුත් දැන් ඩයස්පෝරාව සමග සාකච්ඡාවෙන් ජිනීවා ගැටළුව බේර ගන්නට හැකි වේවි යන ස්ථාවරයට ඇවිත් ඇති බව පෙනෙනව. අපි හිතුවෙ නෑ ඔවුනුත් මූණුවල ගාල තියෙන දැලි පිහදා ගන්න සෘජු ක්‍රියාමාර්ගයක් ගන්නව ඇරෙන්න වෙන ස්ථාවරයක් පිළිබඳව විශ්වාසයක් ඇතිකර ගනීවි කියල. කෙසේ හෝ ඔවුන්ට ගෞරවණීය ලෙස මොඩියරේට් කියන ඩයස්පෝරාව එන්ගේජ් කරගෙන ඒ දේ කරගන්න හැකිනම් ප්‍රශ්ණයක් නැහැ. නමුත් අපිටනම් එවන් විශ්වාසයක් නැහැ. මේ වනවිට අර බාහිර යාන්ත්‍රණය මගින් 120,000 ට වැඩිය චෝදනා ගොනුකර ඇති බවක් සති අග පුවත්පතක සඳහන් වුනා. බාහිර යාන්ත්‍රණය සඳහා මානව හිමිකම් කොමිසම ඇමරිකානු ඩොලර් මිලියන දෙකහමාරක් ලබාදුන්න. ඊට අමතරව කොටි හිතවාදීන් ඇතුළු සමස්ත ඊළාම්වාදීන් අසීමිත ලෙස ඔය කියන ආයතන වෙත අරමුදල් ලබාදෙනව වෙන්න පුළුවන්. කනගාටුවට කාරණය වන්නේ රජයට නොමිලේ සාදාදුන් රණවිරුවන් නිර්දෝෂයි කියන ලියවිල්ලවත් මානව හිමිකම් කොමිසමට ඉදිරිපත් කිරීමට රජය සූදානමක් නෑ. මේ පිළිබඳව අනාගතයෙදි සිදුවෙන දෙය අනුව අර කියමනක් තියෙන්නෙ කලකදි වහලු කලකදි රස වෙනවාලූ කියල. ඒ අනුව රණවිරු පදය වෙනස් වෙන්නත් ඉඩ තියෙනව. දැනටනම් පේන හැටියට වැටයි නියරයි දෙකම එකතුවෙලා ගොයම කනව වගේතමයි පෙනෙන්නෙ. අපිට මේ පිළිබඳව කුකුසක් ඇති වෙනව. ඩයස්පෝරාව සමග සාකච්ඡා කරන්නෙ නැවත පැකේජ් ක්‍රමයට ඊළම සම්පූර්ණ කිරීමටද කියල. එසේනම් අපි නැවත නැවත ජිනීවා යෑමෙන් පලක් නැහැ. අපිට සිදුවන්නේ රණවිරුවන්වත් සූදානම් නැති රණවිරුවන් බේරා ගැනීමේ ප්‍රයත්නය අත් හැර දමා පැකේජ් ක්‍රමයට ඊළාම් දීමට යෑම පිළිබඳව පංච මහා බලවේගයෙන්ම සැදුම් ලත් ජනවිරුවන් වෙත කරුණු කියා පෑමටයි.
අප මේ පිළිබඳව දැඩි අවධානයක් යොමු කිරීමට හේතු බොහෝ තියෙනව. රණවිරුවන්ට යුද අපරාධ චෝදනා තිබීමේ ආදීනව අප හොඳින් දන්නව. දැනටමත් අපේ සාමාජිකයෙකුට, රටවිරුවෙකුට, විරුද්ධව යස්මින් සූකා ලන්ඩන් අධිකරණයක දමා ඇති නඩුවට තව රුපියල් ලක්ෂ 300 ක් පමණ අවශ්‍ය වෙලා තියෙනව. දැනටමත් රුපියල් ලක්ෂ පනහක් පමණ වැය කරල තියෙනව. මේ එක රටක විතරක් එක නඩුවක් දමල. ඒකත් සිවිල් නඩුවක්. දැන් මිෂෙල් බැචලේ කියන ආකාරයට එකම රණවිරුවට හෙවත් යුද අපරාධකරුවෙකුට රටවල් කීපයකදි වුවත් නඩු පවරන්න හැකියාව තියෙනව. මේව පවරන්නෙ සිවිල් නඩු හැටියට නොවෙයි. ක්‍රිමිනල් නඩු හැටියටයි. දැනටමත් ඇමරිකාව වැඩේ පටන් අරන්. යුද අපරාධ කරුවන් 28 දෙනෙකුට විරුද්ධව ටොම් ලැම්ටොස් කොමිසමෙන් මානව හිමිකම් කඩකිරීම පිළිබඳව නඩු කටයුතු ආරම්භ කරල. අපේ රණවිරුවන්ට හෙවත් යුද අපරාධකරුවන්ට ඒව මග හරින්න බැහැ. පහුගිය ඊනියා යහපාලන රජය ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදනය කරල දීල ඉවරයි. අනෙක ඔය නඩු වෙනුවෙන් රජය ඉදිරිපත් වෙන්නෙත් නෑ. තනි පුද්ගලයින් පුද්ගලිකව තනිව මුහුණ දීමට තමයි සිදුවෙන්නෙ. ඒබව අපේ සාමාජික ජෙයරාජ් පලිහවඩනගෙ නඩුව වෙනුවෙන් ආධාර කරන්න කියා රජයෙන් ඉල්ලා සිටිය විට එසේ කළ නොහැකි බව දන්වා හිටිය. අපේ රණවිරුවන් හරියට දැන් වතුර රත්වෙනකම් හැලියෙ නටන කකුළුවො වගෙයි. කප්පම් ක්‍රමයෙන් ගොඩ යන්න හැකිවේවි කියල හිතන් ඉන්නවනම් එය විශාල අත් වැරැද්දක් වෙන්න පුළුවන්. මීට වැඩිය අපට කරන්න දෙයක් නෑ. 2017 ඉඳල වසරකට තුන්පාර බැගින් ජිනීවා ගිහින් අපි අපේ යුතුකම ඉහටත් උඩින් ඉටු කර දීල තියෙන්නෙ. දැන් මෙයාලගෙ වගකීම මෙයාල ඉටුකර ගන්නයි තියෙන්නෙ. එය ගෞරවණීයව කර ගැනීමට තවමත් අවස්ථාව තියෙනව. 13 වන ව්‍යවස්ථා සංශෝධනයේ ඇති සමගාමී ලයිස්තුව ඉවත්කරන්න තැත් කරපු පැකේජ් වලට නම් දරපු අයගෙ දිරච්ච ලණු කෑවොත් ගැලවීමක් ලැබේවි කියා අප විශ්වාස කරන්නෙ නෑ.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More