දේශීය පුවත්

මාස හයක සිර දඬුවමක් නියම වී, බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් දින හතක් යනතුරු චීවරය නොදරා සිරකරුට හිමි ඇඳුමෙන් සිටියහොත් විනය පිටකයට අනුව උන්වහන්සේගේ භික්ෂූත්වය අහිමි වන බව මහාචාර්ය පූජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමියන් පව​සයි.

අද(16) ශ්‍රී සුනේත්‍රා දේවි පිරිවෙන් විහාරස්ථානයේදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අභයතිස්ස හිමි මේ බව පවසා සිටියේය.

උන්වහන්සේ වැඩිදුරටත් පෙන්වා දෙන්නේ ඥානසාර හිමිගේ භික්ෂූත්වය රැකගැනීම සඳහා මහ නාහිමිවරුන් මැදිහත් විය යුතු බවය.

මාස 06 ක කාලයක් සඳහා බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් මේ වනවිට වැලිකඩ බන්ධනාගාරය තුළ අභියාචිත නේවාසික සිරකරුවෙකු ලෙස සිටින අතර උන්වහන්සේට පැවිදි චීවරය වෙනුවට සිරකරුවන් සඳහා වන ඇඳුම ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව තහවුරු කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More