විදුලි අර්බුදය සම්බන්ධයෙන් ඊයේ (24) දහවල් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසා සිටියේ ඉදිරියේ දී ඉන්දියානු ණය පහසුකමක් යටතේ සෘජුව විදුලිබල මණ්ඩලයට අවශ්‍ය කරන ඩීසල් සහ දැවිතෙල් ලබා ගැනීමට බලශක්ති අමාත්‍යාංශය එකඟතාවය ලබා දුන් බව අනාවරණය කළේය. එලෙසම මුහුදේ නැංගූරම්ලා ඇති ඉන්ධන නෞකා දෙකෙහි ඉන්ධන නිදහස් කර ගැනීම සඳහා අවශ්‍ය ඩොලර් ලබාදීමටද මහ බැංකු අධිපතිවරයා එකඟතාවය පළකළ බවද අමාත්‍යයවරයා අනාවරණය කළේය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යයවරයා පවසා සිටියේ විදුලිබල මණ්ඩලයෙන්, බලශක්ති අමාත්‍යාංශයට ගෙවීමට ඇති ණය මුදල් පියවීමට අවශ්‍ය පියවර ගැනීමට ද ජනාධිපතිවරයා උපදෙස් දුන් බවයි.
“පහුගිය වතාවේ විදුලිබල මණ්ඩලය කිව්වේ 22වනදා වෙනකම් පමණයි දැවි තෙල් අවශ්‍ය කියලා. දැන් එය 30වනදා දක්වා ඉල්ලනවා. එතකොට අපි එයට විසඳුමක් ලෙස අද මුහුද මැද තියෙන ඩිසල් නැව බාලා දුන්නොත් අපිට ඩිසල් සහ දැවිතෙල් වලින් දෙකෙන්ම විදුලි නිෂ්පාදනය කරන්න පුලුවන් වෙස්ට්කෝස්ට් විදුලි බලාගාරයට දැවිතෙල් වෙනුවට ඩීසල් ලබාදීලා. එතකොට සපුගස්කන්දේ දැනට නතර කරලා තියෙන දැවිතෙල් විදුලි බලාගාරයට දැවිතෙල් ලබා දීමට අපි එකඟතාවය පළකළා. ඒ අනුව මහබැංකු අධිපතිතුමාට වහාම මේ ඩීසල් නැව නිදහස් කරලා දෙන්න කිව්වා. ඒ අනුව අපි ඔවුන් ඉල්ලා සිටි ඩීසල් සහ දැවිතෙල් ප්‍රමාණයන් ලබා දෙන්න කටයුතු කරනවා.
ඒ වගේම අපි පෙන්වලා දුන්නා අපිට රුපියල් බිලියන 93ක් විදුලිබල ක්ෂේත්‍රයෙන් ණයයි කියලා. එතකොට ජනාධිපතිතුමා ඒ ණය ටික ගෙවන්න විදුලිබල මණ්ඩලයට අවශ්‍ය මුදල් නිදහස් කරන්න භාණ්ඩාගාරයට උපදෙස් දුන්නා. ඉදිරියේ දී විදුලිබල මණ්ඩලයට ඉන්දියානු ණය පහසුකමක් යටතේ සෘජුව ඒ අයට අවශ්‍ය කරන ඩීසල් සහ දැවිතෙල් ලබා ගැනීමටත් අපි එකඟතාවය ලබා දුන්නා. දැනට මුහුද මැද තියෙන නැව් දෙකට ඩොලර් ලබා දීමට මහ බැංකුවේ අධිපතිතුමා එකඟතාවය පළකළා”.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...