දේශීය පුවත්

කොවිඩ් බූස්ටර් මාත්‍රාව ලබා නොගන්නා පුද්ගලයින්ට එරෙහිව නීති මගින් කටයුතු කිරීමට පවතින හැකියාව පිළිබඳව සොයා බලමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඩ්-19 පිළිබඳ ප්‍රධාන සම්බන්ධීකාරක වෛද්‍ය අන්වර් හම්දානි මහතා,

“යුරෝපා රටවල මෙන්ම විවිධ දියුණු රටවල මේ ආකාරයෙන් නීතිමය ප්‍රකාරව කටයුතු කරමින් යනවා තුන්වන මාත්‍රාව අනිවාර්ය කිරීම පිළිබඳව. අපේ රටේත් සෞඛ්‍ය අමාත්‍යාතුමා විසින් ඊට අදාළ කටයුතු සම්බන්ධයෙන් නීතිපතිතුමාගේ උපදෙස් ලබාගෙන තිබෙනවා. ඒ අනුව ඉදිරියේදී ඒ නීති උපදෙස් ආකාරයෙන් මෙහිදී අපි නෛතික රාමුවක් තුළ කටයුතු කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙහිදී විශේෂයෙන් මතක් කරන්න ඕනේ ඔය ගැටලුව තුළදීම නැතිනම් ඒ ප්‍රකාශ තුළින්ම දියුණු රටවලින් නීතිමය ප්‍රකාරව කටයුතු කිරීම තුළින් පෙනී යනවා මේකේ තියෙන වැදගත් බව. ඉතින් ඒ නීතියට දඩයක් නියම කරන්නේ ඔබව රැකගන්න. ඉතින් එවැනිම ආකාරයක සිදුවීමක් තමයි මේ තුන්වන මාත්‍රාව ලබාගැනීම කියන එකට නීති පද්ධතිය හරහා එන රුකුලක් වගේම ඒ කරන්න හදන්නේ ඔබව ආරක්ෂා කරගැනීමට. ඒ පුද්ගල වගකීම පෙරදැරි කරගෙන ඔබ, ඔබ විසින්ම තීරණය කර ගනිමින් ඔබේ ආරක්ෂාව තර කරගැනීම අප සියලුදෙනාගේම වගකීමක්.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More