පුරවැසි කොලම

2002 අංක 25 දරන සාපරාධී කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ පනත සංශෝධනය වෙන ආකාරය

2: ඉල්ලන ඕනෑම රටකට, ජාත්‍යන්තර සාපරාධී කාරණාවලට එරෙහිව ක්‍රියාකරන ඒ හා ආශ්‍රිත යම් සංවිධානයක, ගිවිසුමක් තිබුන හෝ නොමැතිව ඉල්ලන ඕනෑම තැනැත්තෙක් සඳහා අතීතයටත් බලපාන ආකාරයට මෙම පනතේ විධි විධාන බල පැවැත්වේ. එසේම මෙම නීති බලාත්මක වන්නේ මෙම ගිවිසුම සෑදීමෙදී බල පැවැත්වූ ගිවිසුම් ක්‍රියාත්මක වන තෙක් පමනි. (එනම් වෙනත් ආණ්ඩුවක් පැමින OISL ආදී ගිවිසුම් බල රහිත කල හොත් මෙහි කරුනු බල රහිත වේ.)

3: මූලික පනතේ අරමුන පුළුල් කිරීම සහ සහය දෙන සීමාව ඉවත් කිරීම. ඒ අනුව සාක්ෂිකරුවන් හෝ සැකකරුවන් හඳුනා ගැනීම, ප්‍රශ්න කිරීම, පරීක්ෂාකිරීම, සාක්ෂිකරුවෙකු වශෙයෙන් පෙනී සිටීම සඳහා බන්ධනාගාරගතව සිටින්නන් පවා ලබාදීම, සාක්ෂිකරුවන් වශයෙන් ලබාදීම, ලේඛන, තොරතුරු හෝ වෙනත් භාණ්ඩ භාරදීම පරිගණක ඇතුලුව, සෝදිසි සහ තහනමට ගැනීම සඳහා වූ ඉල්ලීම් ක්‍රියාත්මක කිරීම, දඩ ගැසීම, අහිමි කිරීම හෝ ක්‍රියාවිරහිත කිරීම, වීඩියෝ සංවාද ඔස්සේ කෙරෙන සාක්ෂි අදාළ කර ගැනීම යනාදී තවත් දහසකුත් එකක් කාරනා අදාල කර ගැනීම පනතේ අරමුණ වේ.

4: නිසි බලධාරියාට එනම් අමාත්‍යංශයේ ලේකම්ට හෝ ඔහුගේ අනුමැතිය ලත් තැනැත්තෙකුගේ අභිමතයට අනුව කටයුතු කිරීමට බලය ලැබේ.

5: ඉල්ලීමක් ලැබුන වහාම ප්‍රතිචාර දැක්වීම සහ ඉල්ලන ඕනෑම තොරතුරක් ලබාදීම.

6: ප්‍රතික්ෂේප කිරිම පුළුල් කිරීම කියා පැවසුවත් නඩුවක් නොමැති නමුත් චෝදනාවක් පමනක් ඇති අයටද මෙම පනතේ විධි විධාන බලාත්මක වේ.

7: නිසි බලධාරියා හෝ මධ්‍යම බලධාරියා හෝ වෙන මොනයම්ම නිලධාරියෙක් කරන මෙම පනතට අදාල කටයුතු රහසින්ම කිරීමට බලයදීම.

8: කැලෑපත්තරයකින් වුවත් චෝදනාව කරන්නේනම් ඒ සඳහා කටයුතු කිරීමට නිසි බලධාරීන් පත්කිරීම.

9: අධිකරණයට ලේඛණයක් යැවීමට මධ්‍යම බලධාරියාට ඇති අභිමතය වෙනස්කිරීම ලෙස බටර් ගා තිබුනිද සිදුකර ඇත්තේ පිටරටක අධිකරණයකින් මධ්‍යම බලධරයාට එවන චෝදනා පත්‍රයක් වහාම එම චූදිතයා ජීවත්වෙන පලාතේ අධිකරණයකට යැවීමට බලය ලබාදීමයි.

10: සාක්ෂි හෝ ලේඛණ ගැනීම කඩිනම් කිරීම සහ ඒවා ඉල්ලන රටට හෝ සංවිධානයට වහාම ලබාදීම.

11: විමර්ශණය සඳහා වන සාක්ෂි මූලාශ්‍ර පුලුල් කිරීම හෙවත් පරිගණක දත්ත, බැංකු ප්‍රකාශ හෝ වෙනත් ඕනෑම දෙයක් ඉල්ලන ඕනෑම රටකට හෝ සංවිධානයකට මධ්‍යම බලධාරියාට ලබාදිය හැක.

12: නියෝග කිරීමට මධ්‍යම බලධාරියාට ප්‍රමාණවත් බලයක් ලබා දිය යුතු යැයි සඳහන් කලද එය කොපමනද මොනවද යන්න සඳහන් නොවේ.

13: සිරකරුවන් පිළිබඳව නියෝග කිරීමට මධ්‍යම බලධාරියාට ප්‍රමාණවත් බලයක් ලබාදිය යුතු යැයි සඳහන් කලද එය කොපමනද මොනවද යන්න සඳහම් නොවේ. මෙය 3 වන වගන්තිය සමග ගැටීමේ හැකියාව පවතී. කොටි සිරකරුවන් නිදහස් කිරීමට වුවද භාවිතා කල හැකිවේ. ජනාධිපති බලතල පවා ඉක්මවිය හැක.

14: වීඩියෝ ශ්‍රවණ සම්ප්‍රේදණ තාක්ශණයෙන් පවා සාක්ෂි ලබා ගත හැක.
15: අල්ලස් ගැනීම සම්බන්දයෙන් විශ්වාස කිරීමට සාධාරණ හේතු ඇතිවිට කටයුතු කිරීමට මධ්‍යම බලධාරියාට කටයුතු කිරීමට බලය පැවරීම. (FCID අවශ්‍ය නොව? අධිකරණයටවත් බලපෑම් කල හැකි නොවේ?).

16: යම් තැනැත්‍තෙක් බරපතල වරදක් කර ඇතැයි වරදකරුකර හෝ චෝදනා ඇතිනම් එයින් සෘජුවම හෝ වක්‍රව දේපලක් ලබාගෙන ඇතැයි විශ්වාස කිරීමට හේතු ඇතිනම් ඔහුට විරුද්ධව කටයුතු කිරීමට මධ්‍යම බලධාරියා විසින් නීති ක්‍රියාත්මක කරන බලධාරීන්ට නියෝග කල හැක. (අධිකරණ අනවශ්‍යයි?)

17: චෝදනාව සාපරාධී කාරණා සම්බන්දයෙන් පමනක් නොව ඒ ආශ්‍රිත කාරණා සම්බන්දයෙන්ද බල පවත්වයි. (සීමා හෝ නිර්නායක සඳහන් කර නොමැත).

18: මධ්‍යම බලධාරියාගේ අභිමතය පරිදි දත්ත ගබඩා කිරීම සිදුවිය යුතුයි. (ඒකියන්නේ දත්ත විනාශ කිරීම හෝ එසේ වීමට ඉඩ හැරීමට මධ්‍යම බලධාරියා හට බලය ඇත?) ඉල්ලන ඕනෑම දත්තයක් ඉල්ලන ඕනෑම රටකට ඕනෑම ආයතනයකට ඉල්ලන ඕනෑම ආකාරයට කඩිනමින් ලබාදිය යුතුයි.

19: භාශාව ඉංග්‍රිසි විය යුතුයි.

20: පොදු රාජ්‍ය මණ්ඩලීය රටවලට පමනක් නොව නොවන රටවලටද බලපවත්වයි. නිසි බලධරයා වන්නේ ඕනෑම රටකින් හෝ සංවිධානයක් මගින් නම්කරනු ලබන තැනැත්තෙක්.

21: නිශ්චිත රටක් යන්නට නිශ්චිත සංවිධානයක් යන්නද ඇතුලත්වේ. බරපතලම කාරණය වන්නේ රටේ (ශ්‍රී ලංකාවේ) දැනට පවතින ඕනෑම ලිඛිත නීතියක්, යම් දැන්වීමක්, නිවේදනයක්, ගිවිසුමක්, සන්නිවේදනයක් හෝ වෙනත් යම් ලේඛනයක් මෙම යෝජිත සංශෝධනයට යටත් වීමයි. (මුලු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම අනාතයි අස්තීරයි?).

22: භාවිතා කිරීම සඳහා පිටු 9ක නව ආකෘති පත්‍රයක් හඳුන්වා දී ඇත.

ඉහත සඳහන් මාදිලියේ පනතක් ලෝකයේ වෙනත් කිසිම රටක ඇතැයි කියා සිතිය නොහැක. රටේ ස්වෛරී භාවයට වෙනත් රටකට පමනක් නොව ජාත්‍යන්තර සාපරාධී කාරණාවලට එරෙහිව ක්‍රියා කරනු ලබන ඕනෑම සංවිධානයකට අත පෙවීමේ ඉඩ ප්‍රස්ථාව යෝජිත පනතින් සලසා ඇත. අධිකරණය අකර්මන්‍ය කර ජනපති ව්ධායක බලතල පවා ඉක්මවන ආකාරයේ බලයක් අමාත්‍ය වරයා විසින් පත්කරනු ලබන මධ්‍යම බලධාරියෙකුට පවරා ඇත.

පසුගිය වකවානුවේ පාර්ලිමේන්තුව තුල සිදුවූ ක්‍රියාකාරකම් සහ 118ක් හෝ 168ක් වූ පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ට බැඳුම්කර මුදල් ලබා ගැනීමේ හෝ බෙදා හැරීමේ අපචාර පිළිබඳවද ජනාධිපති කාර්‍ය මණ්ඩල ප්‍රධානීන්ද අල්ලස් ලබා ගන්නා විටම අසුවී ඇති අවස්ථාවක, අධිකරණ සහ විධායක බලතලද ඉක්මවා යන බල තල ප්‍රමාණයක් වසර පහකටවත් රටට වගකීමක් නැති ඇමතිවරයෙක් විසින් පත්කරනු ලබන මධ්‍යම බලධාරියෙකුට පැවරීම මහ ජනතාවගේ පරමාධිපත්‍යය නැමති කිකිලිය නරියෙකුට බාරදීමක් හා සමානය. රට පොලිස් රාජ්‍යයක් නොව රහස් පරීක්ෂකයින් විසින් මෙහෙයවනු ලබන අද්භූත රටක් වීම වැලැක්විය නොහැක. රහසිගත භාවය රැකීම සඳහා හිට්ලර්ගේ ගෙස්ටාපො පොලීසියටත් වැඩිය බලතල ලැබෙනු ඇත.

රට පාලනය විදේශ ගැති සහ NGO නඩ ගැති පරපුටුවන්ට විනා අන් අයෙකුට කල නොහැකි වන්නේය. වරද කරුවී හෝ නඩුවක් පවතින්නෙකුට නොව හුදු චෝදනාවක් ඇත්තෙකුට පවා මෙම පනත බල පවත්වනු ඇත. හුදු චෝදනා ලාභීන් පමනක් දඩයම් කිරීම සඳහාම සැකසූ පනතක් ලෙසද වඩා විග්‍රහයේදී මෙම පනතින් අරමුණු කර ඇති බවක් පෙනී යයි. මෙම සංශෝධන දැනට පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සියලුම කරුනු අභිබවා යන බැවින් පවතින ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවම මෙම යෝජිත පනතට අනුකූලව නිර්වචනය කිරීමට සිදුවෙනු ඇත.

මෙම යෝජිත සංශෝධන ගෙන ඒමේදී එහි ඇති බරපතල කම රට පාලනය කරන පාලකයින්ගේ හෙංචයි නීති වේදීන්ට නොපෙනුනිද හෙංචයි විපක්ෂයට නොව ඒකාබද්ධ විපක්ෂකයින්ට නොපෙනීම අරුමයකි. මෙවන් අභූත පනත් පාර්ලිමේන්තුවට ගෙන ඒම වැලැක් වීමට අධිකරණ ක්‍රියාමාර්ගයක් පවා ගැනීමට ඉදිරිපත් නොවීම පිළිබඳව ඔවුන්ට පැවසීමට ඇත්තේ කුමක්දැයි දැන ගැනීමට අකමැත්තෙන් වුවද ඇසීමට සිදුවේ.

-යසස් ධර්මදාස
සාපරාධී කාරණාවලදී වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව දැක්වීමේ සංශෝධන පනත මෙතැනින් පිවිසෙන්න



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More