චීනයෙන් ශ්‍රී ලංකාවට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 10 ක පරිත්‍යාගයක් හිමිවන බවට ශ්‍රී ලංකා රජය විසින් කරන ලද ප්‍රකාශය චීනය විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
විදෙස් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් චීන රාජ තාන්ත්‍රිකයෙකු සඳහන් කර ඇත්තේ ශ්‍රී ලංකාවෙන් එවන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇති නමුත් චීනය විසින් එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇති බවයි.
මෙම සහල් තොගය ලැබෙන්නේ ශ්‍රී ලංකාව සහ චීනය අතර අත්සන් තබා ඇති රබර් සහල් ගිවිසුමට වසර හැත්තෑවක් පිරීම නිමිත්තෙන් වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා විසින් කළ ඉල්ලීමක් අනුව බව කැබිනට් ප්‍රකාශක රමේෂ් පතිරණ මහතා කැබිනට් මාධ්‍ය හමුවේදී පැවසීය.
වෙළඳ අමාත්‍යංශයේ ප්‍රකාශකයෙකු අදාල පුවත්පතට සඳහන් කර ඇත්තේ අදාල පරිත්‍යාගය ඉදිරි කාලයේදී ලැබෙනු ඇති බවත් චීන රජය ඒ සඳහා එකගවී ඇති බවත් එහි වෙනසක් සිදුව නැති බවත් ය.
අදාල සහල් තොගය ලැබෙන්නේ නම් එය මෙරට මාස පහක සහල් අවශ්‍යතාවයට ප්‍රමාණවත් වෙයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...