දේශීය පුවත්

පසුගියදා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් දේශප්‍රේමී ජාතික පෙරමුණේ මධ්‍යය මණ්ඩල සභික ජේෂ්ඨ කථිචාර්ය නෙම්සිරි ජයතිලක මහතා පවසා සිටියේ කොළඹ රදගුරු තුමා පාස්කු බෝම්බ ප්‍රහාරය පිපිරුණු දිනයේ පටන් ඉතාමත් වගකීම් සහගතව කටයුතු කරමින් ක්‍රිස්තියානි ප්‍රජාව ප්‍රචන්ඩත්වයට යොමු වීම වලක්වමින් කටයුතු කළ බවයි. එහෙත් මෑතක පටන් කිසියම් හේතුවකට උන් වහන්සේ කරන ප්‍රකාශ වලින් හිටපු ජනාධිපතිගේ මැදිහත්වීම මත වත්මන් ජනාධිපති පත් කරවීමට සහරාන්ලා බෝම්බ පුපුරවා ගන්නා ලෙස කටයුතු කිරීමට ඉඩ සලසා දුන්නේ යැයි හැඟෙන ආකාරයේ ප්‍රකාශ නිකුත් කරන බව පවසා සිටියේය. එම ප්‍රකාශ පිලිකුලෙන් යුතුව බැහැර කරන බවද ජයතිලක මහතා පවසා සිටියේය. එහිදී එතුමා වැඩිදුරටත් අවධාරණය කර සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මලිත් ජයතිලක මහතා ඉදිරිපත් කළ වාර්තාව පදනම් කර ගනිමින් ජනාධිපති තුමා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් අන්තවාදය තුරන් කිරීමට අවශ්‍යය ප්‍රතිපාදන සැලසෙන බවත් කාදිනල් තුමන් ඇතුළු කතෝලික ප්‍රජාව දැන් උද්ඝෝෂණය කළ යුත්තේ එම කැබිනට් පත්‍රිකාව අනුමත කර ගැනීමට බවත්ය.

 

 



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More