මීට පෙර මිල්කෝ සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කළ ලසන්ත වික්‍රමසිංහ මහතා මුදල් අමාත්‍යාංශයට ලිපියක් යවමින් සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස පත්කිරීම භාරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව වාර්තා වෙයි.
කෙසේ වුවද සීමාසහිත ලංකා පොහොර සමාගමේ නව සභාපති ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතාව ඉතුක් 21 වනදා පත්කර තිබුණි.
මිල්කෝ ආයතනයේ සභාපති ධූරයේ කටයුතු කරමින් සිටියදී ඔහුව එම ධුරයෙන් ඉවත් කර ඇති බවට ඉකුත් 19 වනදා මාධ්‍ය වාර්තා කර තිබුණු අතර ඒ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් ලසන්ත වික්‍රමසිංහ මහතා එදිනම ප්‍රකාශ කළේ, නව සභාපතිවරයෙකු පත්කර ඇතැයි තමන්ද දැනගත්තේ මාධ්‍ය හරහා බවයි.
ඒ සම්බන්ධයෙන් විමසීමට තමන් විෂයභාර අමාත්‍යවරයා ඇමතීමට උත්සාහ කළද එයද ව්‍යර්ථ වූ බව ඔහු මාධ්‍යය හමුවේදී පැවසුවේය.
පසුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාලක ලේකම්වරයා ලෙස කටයුතු කරන රේණුක පෙරේරා මහතාව ජනවාරි 20 වනදා මිල්කෝ ආයතනයේ නව සභාපතිවරයා ලෙස පත් කළ බව රජය නිවේදනය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...