විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අතරතුර ඇතැම් පාසල්වල දරුවන්ට අසාධාරණයක් සිදුවූ ඇතයි පැවසෙන සිද්ධි සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් අරඹා ඇති බවයි.
ඒ අනුව යම් සිසුවෙකුට හානියක් සිදුවී ඇත්නම් ඒ වෙනුවෙන් නිසි පියවර ගන්නා බව විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දැක්වූ විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා,
“යම් සිදුවීමක් තියෙනවා. ඒ ගැන අපි පරීක්ෂණ කරනවා. මධ්‍යස්ථාන 3ක මේ චෝදනාව ආවා. ගාල්ල නාගොඩ රාජකීය මහ විද්‍යාලය, වැලිමඩ විජය ප්‍රාථමික විද්‍යාලය, යූ. බී වන්නිනායක විද්‍යාලය.අපට ලැබුණු ඇමතුම් ගැනත් අපි විමර්ශනය කරනවා. ඒත් අපට වෙලාව ප්‍රශ්නයක්.ප්‍රධාන වශයෙන් ආපු චෝදනාව තමයි ප්‍රශ්න පත්‍රය වෙලාවට දුන්නේ නෑ. වෙලාව අඩු වුණා නම් කාලය දීර්ඝ කළේ නෑ කියලා. නමුත් හානියක් වෙලා තියෙනවා නම් සාධාරණයක් ඉටු කරනවා.මේ සම්බන්ධයෙන් පරීක්ෂණ 3ක් කෙරෙනවා. උත්තර පත්‍ර අපිට ඇවිල්ලා තියෙනවා. අද උදේ මම නිලධාරින්ට උපදෙස් දුන්නා ඒ එක්රැස් කිරීමේ මධ්‍යස්ථානයට ගිහිල්ලා මේ ප්‍රශ්න පත්‍ර වෙන් කරන්න කියලා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...