විදුලිබල ඇමති ගාමිණී ලොකුගේ මහතා මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා ඇත්තේ ලංකා විදුලි බල මණ්ඩලයට විදුලිය නිපදවීම සදහා අවශ්‍ය ඉන්ධන මිලට ගැනීම සදහා තම අමාත්‍යංශයට සෘජුව මුදල් ලබා දෙන ලෙසයි.
විදුලි බල මණ්ඩලය දිගින් දිගටම ඛණිජතෙල් නීතිගත සංස්ථාව මත යැපීම වෙනුවට අවශ්‍ය ඉන්ධන සපයා ගැනීම වෙනුවෙන් මෙම ඉල්ලීම ඉදිරිපත් කර ඇතැයි විදුලි බල මණ්ඩල ආරංචි මාර්ග පවසයි.
මීට පෙර ඛනිජ තෙල් අමාත්‍යාංශය විදුලි බල මණ්ඩලයට දැනුම් දී තිබුණේ විදුලි බල මණ්ඩලයට ඉන්ධන සැපයීමට අවශ්‍යය නම් ඒ සදහා ඩොලර් ලබා දෙන ලෙසයි.
මෑතකදී ඉන්දියාව විසින් මෙරටට ඉන්ධන ලබා ගැනීම සදහා ලබා දී ඇති ඩොලර් මිලියන 500 ක ණය මුදලෙන් කොටසක් සිය අමාත්‍යංශයට ලබා දෙන ලෙසද ගාමිණී ලොකුගේ අමාත්‍යවරයා ඉල්ලා තිබුණි.
විදුලි කප්පාදුවකින් තොරව අඛණ්ඩව විදුලිය ලබා දීමට මාසිකව ඩොලර් මිලියන 30 ක ඉන්ධන අවශ්‍ය බව ලංකා විදුලි බල මණ්ඩල ආර්ංචි මාර්ග පවසයි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...