ඉස්ලාම් ආගමික පෙළපොත්වල අන්තර්ගත අන්තවාදී ඉගැන්වීම් පිලිබඳව කමිටුවක් පත් කර වාර්තාවක් ලබා දුන් නමුත් එම නිවැරදි කිරිම් සිදු කර නැති බව අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් පී එන් ඉලේපෙරුම මහතා පිළිගෙන ඇත.
සති අන්ත ඉංග්‍රීසි පුවත් පතකට ප්‍රකාශයක් කරමින් ඒ මහතා සඳහන් කරන්නේ අදාළ වාර්තාව මුස්ලිම් අධ්‍යාපන අංශයේ එම් ටී ඒ රහුමාන් සහ අයි ඒ එම් අෆ්සාන් යන මහත්වරුන්ට භාර දුන් බවයි. නමුත් එම නිවැරැදි කිරීම් සිදුවී නොමැති බැවින් අදාළ පෙල පොත් සියල්ල නැවත කැඳවා නිවැරැදි කිරීම් සිදුකරන බව ඒ මහතා පිළිගෙන ඇත.
මෙම කරුණ අනාවරණය වන්නේ එක රටක් එක් නීතියක් කාර්ය සාධක බල ඇණිය විසින් අදාළ ප්‍රශ්නය මතු කිරීම නිසාය.එම වරද නිසා රජයට දරන්නට සිදුවන පාඩුව අය කරගන්නේ කෙසේ දැයි කොමසාරිස්වරයා සඳහන් කර නැත.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...