දේශීය පුවත්

සහල් ආනයනයට ඕනෑම අයෙකුට අවස්ථාව ලබාදීම නිසා මෙරට මහා පරිමාණ සහල් මෝල් හිමියන් දෙදෙනෙක් විදෙස් රටවලින් අඩු මිලට සහල් ගෙන්වා නැවත සකස්කර ඔවුන්ගේ වෙළෙඳනාමයෙන් වෙළෙඳ පොළට මුදාහැරීමේ ජාවාරමක් ක‍්‍රියාත්මක කර ඇතැයි ජාතික ගොවිජන සම්මේලනයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා පැවසීය.

මෙම මහා පරිමාණ හාල්මෝල් හිමියන් සිය මුදල් යොදවා ව්‍යාජ සහල් ආනයනයකරුවන් මගින් ගෙන්වා ඇති සහල් කන්ටේනර් 30ක් පමණ ඔවුන්ට අයත් සහල් මෝල් වෙත වරායෙන් ගෙනගොස් ඇති බවද ඔහු කීය.

මෙම හාල් මෝල් හිමියන් විදෙස් රටවලින් ගෙන්වා ඇති සහල් පොලිෂ් කර මෙරට නිෂ්පාදනය කළ සහල් ලෙස ඔවුන්ගේ වෙළෙඳ නාමයන් යටතේ වැඩි මිලට වෙළෙඳ පොළට නිකුත් කර අධික ලාභයක් ලබන බවත් තෙන්නකෝන් මහතා කීය.

මෙවැනි මෝල් හිමියන් විසින් වී කිලෝව රුපියල් 90ක් වැනි මිලකට මිලදී ගන්නා බවට ප‍්‍රකාශ කර ගොවීන් නිෂ්පාදනය කරන වී මිලදී ගන්නා බවත් වී කිලෝවක් සකස්කිරීම සඳහා වී කිලෝ එකයි හයක් වැයවන බවත් ඔහු කීය.

ඒ අනුව සහල් කිලෝවක් නිපදවීම සඳහා රුපියල් 145ක් 150ක් වැනි වියදමක් දැරීමෙන් පසු නාඩු සහල් කිලෝවක වෙළෙඳපොළ මිල රුපියල් 175 – 180 වීම වැළැක්විය නොහැකි බවත් ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More