දේශීය පුවත්

වැඩිවන ජීවන වියදම හා ආර්ථික දුෂ්කරතා තුළ මන්දපෝෂණ හා දරිද්‍රතා තත්ත්වයකට ජනතාව පත්වෙමින් සිටින නිසා එම තත්ත්වයට විසඳුම් දීමට අධිෂ්ඨානශීලී නව ක‍්‍රියාමාර්ගවලට එළඹිය යුතු බවට හා රට තුළ උද්ගතව අති සෙසු අර්බුද ගැන විසඳුම් ද ඇතුළත් යෝජනාවලියක් ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව තම ‘‘එඬේරික’’ සංදේශය මගින් රජයට ඉදිරිපත් කර තිබේ.

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් සහ ශ‍්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනයේ (බදුල්ල රදගුරු) සභාපති ජේ. වින්ස්ටන්, එස්. එස්. ප‍්‍රනාන්දු, මහ ලේකම් කොළඹ සහාය රදගුරු ඇන්තනි ජයකොඩි හා යාපනය, අනුරාධපුරය, රත්නපුර, මන්නාරම, කොළඹ, ත‍්‍රිකුණාමලය, හලාවත, කුරුණෑගල, මඩකලපුව ආදී රදගුරුවරුන් මෙම යෝජනා මාලාවට අත්සන් තබා තිබේ.

එමගින් පහත යෝජනාද ඉදිරිපත් කර තිබේ.

ජනාධිපතිධුරය හොරබවන තැනැත්තා මත අසීමිත බලයක් තවදුරටත් එක්කරන 20 වතාවක් සංශෝධනය කර ඇති ව්‍යවස්ථාවේ අඩංගුව ඇති හෙයින් විධායකයේ බලය පරික්‍ෂාවට ලක් කෙරෙන සමතුලිත ආකාරයේ නව ව්‍යවස්ථාවක අවශ්‍යතාව ඉටු කිරීම.

නව ව්‍යවස්ථාවක් සඳහා වූ දේශපාලන මැදිහත්වීම් වලින් තොරව ජනමත විචාරණයක් මගින් අනුමත කරලීම.

නව ව්‍යවස්ථාවකින් විධායක ජනපතිධුරය තහවුරු කරන්නේ නම් බලය බෙදීම පරාර්ථකාමී වීම.

ශ‍්‍රමිකයන් සුරාකෑම වැළැක්වීම සඳහා දේශීය හා විදේශීය රැකියා නියෝජිතායතන නියාමනය කිරීමේ විධිමත් බව සහතිකවීම සිදු කිරීම.

පවතින අර්බුද හා කොවිඩ් නිසා පීඩාවට පත්ව ඇති ජනතාවට සුළු පරිමාණ ව්‍යාපාරිකයන්ට, ගොවීන්ට දෙන සහන සැපයීම.

පාස්කු ප‍්‍රහාරය පිටපුස සිටින මොළකරුවන් සොයා ගැනීමට හා සත්‍ය හෙළි කිරීමට තවදුරටත් සියලූ උත්සාහ දැරීම.

මානව අයිතීන් විශ්වාසනීය පදනමකින් සුරක්ෂිත කිරීම.

පරිසර පද්ධති විනාශ කිරීම වැළැක්වීමට කෘමි නාශක, වල් නාශක වලින් සිදුවන හානිය වළක්වාලීමට පියවර ගැනීම.

සියලූ වැසියන්ට යුක්තිය හා සාධාරණත්වය ළ`ගාකර දීමට කටයුතු කිරීම.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More