දේශීය පුවත්

රැකියා, වෘත්තීය පුහුණු සහ ආයෝජන අවස්ථා ප්‍රවර්ධනයට දකුණු කොරියානු රජයේ සහාය ලබාදෙන බව එරට ජාතික සභාවේ කථානායක පාර්ක් බ්යෝන්ග් – සියෝග් (Park Byeong-Seug) මහතා පවසයි.

පාර්ක් බ්යෝන්ග් – සියෝග් මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ.

පාර්ක් බ්යෝන්ග් – සියෝග් (Park Byeong-Seug) මහතා කොරියානු ජනරජයේ 21 වන ජාතික සභාවේ කතානායකවරයා යි.

ආසියාවේ කේන්ද්‍රස්ථානයක් ලෙස ආයෝජන අවස්ථා සඳහා ශ්‍රී ලංකාව තුළ පුළුල් අවකාශයක් පවතී.

එම අවස්ථාව උදා කර ගැනීමට කොරියාවේ ප්‍රධාන පෙළේ සමාගම් දිරිගන්වන ලෙස ජනාධිපතිතුමා පාර්ක් බ්යෝන්ග් – සියෝග් මහතාගෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලාංකිකයින් 22,000කට ආසන්න සංඛ්‍යාවක් දකුණු කොරියාවේ රැකියාවල නිරත වන අතර, ඔවුහු ඉතා සතුටින් ඉහළ ශ්‍රම දායකත්වයක් ලබා දෙති. එම ශ්‍රම වෙළෙඳපොළෙහි වැඩි අවස්ථාවක් ශ්‍රී ලංකාවේ ශ්‍රමිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීම ඉටු කිරීමට පියවර ගන්නා බව සියෝග් මහතා ජනාධිපතිතුමා සමග පැවසීය.

මෙරට වෘත්තීය පුහුණු අවස්ථා දියුණු කර ගැනීමට කොරියානු රජයේ ආධාර ලබා දීමට ද දකුණු කොරියානු කථානායකවරයා එකඟතාව පළ කර අතර මෙරට අවශ්‍යතාව අනුව එය ඉටු කර දීමට ඉතා කැමැත්තෙන් ඉදිරිපත් වන බව කථානායකවරයා සඳහන් කළේය.

ජාතික සභාවේ මන්ත්‍රී ජුන්ග් පිල්මෝ (JUNG Pilmo), ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (JEONG Woonjin), විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්වරු මේ අවස්ථාවට එක් ව සිටියහ.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More