දේශීය පුවත්

ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල (19) වනවිට ඩොලර් 89ක් දක්වා ඉහළ ගොස් තිබූ බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පැවසීය.

ඔහු පෙන්වා දෙන්නේ එය වසර 7කට පසු වාර්තා වූ ඉහළම මිල බවය.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ සීතාවක ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති වැඩසටහනකදීය.

මසකට ඉන්ධන සඳහා ඩොලර් මිලියන 500ක් පමණ මෙරට වැය කරන බවත් මේ වනවිට ශ්‍රී ලංකාවේ මාසික අපනයන ආදායම ඩොලර් මිලියන 750ක මට්ටමක පවතින බවත් අමාත්‍යවරයා පැවසීය.

ඒ අනුව මෙහි ඇති බරපතළ තත්ත්වය සමස්ත ජනතාව තේරුම්ගෙන ඉන්ධන අරපිරිමැස්මෙන් භාවිත කළයුතු බවද ඔහු පැවසීය.

මේ වනවිට රජය ඩීසල් ලීටරයකින් රුපියල් 30ක පාඩුවක් ලැබුවද ඉන්ධන මිල ඉහළ නැංවීමට කිසිඳු තීරණයක් ගෙන නොමැති බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.

ඒ හේතුවෙන් පවතින වියළි කාලගුණික තත්ත්වය හමුවේ නැවත වැසි ලැබෙන තෙක් යම් විදුලි කප්පාදුවක් සිදු නොකළහොත් මාර්තු මස අගභාගයේදී විශාල අර්බුදයකට යාහැකි බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“හොඳට කාලා බීලා කෑම ඉතුරුත් වෙලා කුණු බක්කියට කෑම විසික්කරන ගමන් ජනතාවට අරපිරිමැස්මෙන් වැඩ කරන්න කිව්වොත් ජනතාවට කේන්ති යනවා. ඒ ආදර්ශය එන්න ඕනේ දේශපාලකයින්ගෙන්.” යනුවෙන් ද ඔහු පැවසීය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More