දේශීය පුවත්

කෘෂිකර්ම අමාත්‍යාංශයට අයත්, කොළඹ 07 ශ්‍රීමත් මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ හදිසි නිරීක්ෂණයට ලක්විය.
“ගොවිජන සමාජයේ සියලු කෘෂිකාර්මික ඉඩම්වල තිරසර සංවර්ධනය” දැක්ම කරගත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මෙහෙවර වනුයේ “කෘෂිකාර්මික ඉඩම්වලින් ප්‍රශස්ත ඵලදායීතාව ලබාගත හැකි වන පරිදි ආයතනික, සහායක, නෛතික සහ කළමනාකරණ සේවාවක් සැකසීම හා කාලානුරූපව පවත්වාගෙන යාම”යි.
එම අරමුණු නිසි අයුරින් සිදු වන්නේ ද යන්න සොයා බැලීම ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයේ අපේක්ෂාව විය. දශක කිහිපයක් පැරණි එම දෙපාර්තමේන්තු ඉතිහාසය තුළ රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම සිදු වූ ප්‍රථම අවස්ථාව මෙයයි.

ගොවිජන සමාලෝචන මණ්ඩලය, ගොවිජන බැංකු, පාලන, ගිණුම්, සංවර්ධන, නීති, ආයතනික සංවර්ධන (සේවා), ඵලදායී අලෙවි සහ ඉංජිනේරු ජල කළමනාකරණ යන සියලු අංශ අධීක්ෂණයට ලක් කළ ජනාධිපතිතුමා පැය තුනකට ආසන්න කාලයක් නිලධාරීන් සහ සේවකයන් සමග සාකච්ඡා කරමින් කෘෂිකර්මාන්තයේ ප්‍රවර්ධනය වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග සොයා බැලීය.

හරිත කෘෂිකර්මාන්තයක් සහ වස විසෙන් තොර ආහාර නිෂ්පාදනය රජයේ ප්‍රතිපත්තියයි. මෙවර මහ කන්නයේ දී කාබනික පොහොර බෙදාහැරීම, භාවිතය සහ ලැබෙන අස්වැන්න පිළිබඳ විමර්ශනය කර, අඩුපාඩු මගහරවා ගනිමින් යළ කන්නයට සූදානම් විය යුතු බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

කාබනික පොහොර නිෂ්පාදනය සඳහා රාජ්‍ය සහ පෞද්ගලික ආයතන 34කට අවස්ථාව දී තිබිණ. ඒ ඒ ආයතනවල කාබනික පොහොර මගින් ලද අස්වැන්න සහ සාර්ථකත්වය පිළිබඳ සොයා බැලිය යුතුය. ඉහළ ප්‍රගතියක් ලබා ඇති ආයතන දිරිගන්වා එම ආයතනවල නිෂ්පාදන වැඩි කිරීමට තීරණය කෙරිණ. එමෙන්ම ඉදිරි කන්නවලදී ගොවීන් දැනුවත් කිරීම සඳහා කෘෂිකර්ම පර්යේෂණ නිලධාරීන්ට තාක්ෂණික දැනුම ලබාදීමේ අවශ්‍යතාව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පසුගිය වසර දෙක තුළ පුරන් කුඹුරු අස්වැද්දීමේ වැඩසටහන මගින් අනුරාධපුරය, හම්බන්තොට, ත්‍රිකුණාමලය, අම්පාර සහ මඩකළපුව ඇතුළු දිස්ත්‍රික්ක 9ක සියලුම පුරන් කුඹුරු අස්වැද්දීමට හැකි වූ බව නිලධාරිහු පෙන්වා දුන්හ.

දිවයින පුරා ඇති සෙසු පුරන් කුඹුරු ද හඳුනාගෙන තිබේ. ඉන් වැඩි ප්‍රමාණයක් කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලට අයත් ය. ඒවා පුරන් වීමට හේතු විමර්ශනය කර, හිමිකරුවන් සහ ගොවි සංවිධාන මැදිහත්ව අස්වැද්දීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිතුමා උපදෙස් දෙනු ලැබීය.

වී ගොවිතැන සඳහා යොදාගත නොහැකි ඉඩම් වෙනත් භෝග සඳහා යොදා ගත යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් ක්‍රියාත්මක ශාඛා 559කින් යුත් ගොවිජන බැංකු මගින් ගොවීන්ගේ තැන්පතු භාරගැනීම සහ ණය දීම සිදු කෙරේ. රුපියල් ලක්ෂ දෙකේ සිට දහය දක්වා කන්න සහ වාර්ෂික ක්‍රමවේදයට ණය ලබා දෙයි. එමගින් වෙනත් පාර්ශ්වයන්ගෙන් අධික පොළි මත ණය මුදල් ගැනීමෙන් ගොවීන්ට මුහුණ දීමට සිදු වන ගැටලු රැසකින් මිදිය හැකි බව නිලධාරිහු පෙන්වා දුන්හ. මෙහි ඇති වැදගත්කම සලකා ගොවිජන බැංකු ශක්තිමත් කිරීමට සහ ඉහළ මිලක් යටතේ ගොවීන්ගෙන් වී මිලදී ගැනීමට මැදිහත් වීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ, රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

– ජනාධිපති මාධ්‍ය අංශය



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More