දේශීය පුවත්

කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් හස්තුන්ගෙ බිරිඳ, පුලස්තිනී මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් යටතේ අවි පුහුණුව ලැබූ කාන්තාවන් 10 දෙනකු නීතිපති උපදෙස් ලැබෙන තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා පෙරේදා (19) නියෝග කර ඇති බව වාර්තාවේ.

අදාළ මෙම සැකකාරියන් දස දෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේදී කොළඹ අතිරෙක මහේස්ත්‍රාට්වරයා මෙම තීන්දුව ලබා දී තිබේ.

අන්තවාදී මත ප්‍රචාරය කිරීම හා මුස්ලිම් රාජ්‍යයක් බිහිකිරීම සඳහා මෙන්ම පාස්කු ප්‍රහාරයට පෙර සූදානමක් ඇතිව අන්තවාදී දේශනවලට සහභාගී වී දිවුරුම් දුන් බව කියන මෙම සැකකාරියන් දසදෙනා, පුහුණුව ලබා ඇත්තේ, හම්බන්තොට සිත්තිකුලම, කාන්තන්කුඩි කරවලනගර්, නුවරඑළිය බ්ලැක් පූල් යන කඳවුරුවලදී බව අධිකරණයේදී අනාවරණය විය.

මෙහිදී ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය, අධිකරණය හමුවේ ප්‍රකාශ කළේ, අන්තවාදී දේශන හා අවි පුහුණුව සඳහා සහභාගී වී දිවුරුම් දුන් සැකකරුවන් 25 දෙනෙකු හඳුනාගෙන ඇති බවත් ඒ අතර කාන්තාවන් 16 දෙනකු සිට ඇති බවත්ය.

කෙසේ වුවද හඳුනාගත් සැකකරුවන් 25 දෙනා අතුරින් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ සැකකරුවන් හැර සෙසු සැකකරුවන් මියගොස් හෝ අතුරුදන් වී ඇති බවද ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය අධිකරණ හමුවේ ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More