එක්සත් රාජධානියේ දකුණු ආසියාව සහ පොදුරාජ්‍ය මණ්ඩලය පිළිබඳ අමාත්‍ය තාරික් අහමඩ් සාමිවරයා ඊයේ (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවූ අවස්ථාවේදී මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගෙනයන වැඩපිළිවෙල ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරන බව පවසා ඇති බව වාර්තාවේ.
දකුණු ආසියාව, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ එක්සත් රාජධානියේ පොදු රාජ්‍ය මණ්ඩලය පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස ඉන්දියානු සාගර කලාපය, මධ්‍යම ආසියාව, පොදු රාජ්‍ය මණ්ඩලය සමග සහයෝගීතාව ඇති කිරීම සඳහා ක්ෂේත්‍ර රැසක වගකීම් පැවරී ඇත්තේ තාරික් අහමඩ් සාමිවරයාට ය.
එහිදී අමාත්‍යයවරයා වැඩිඩ්දුරටත් පවසා ඇත්තේ තවදුරටත් මානව හිමිකම් ශක්තිමත් කිරීමට ප්‍රායෝගික සහ අරමුණු කරා ළඟාවිය හැකි ක්‍රමවේදයක් අනුව ඉදිරියට යෑමෙන් මානව හිමිකම් පිළිබඳ ශ්‍රී ලංකාවට ඇති සියලු ගැටලු නිරාකරණය කරගත හැකි වනු ඇති බවයි.
ශ්‍රී ලංකාවේ පුනර්ජනනීය බලශක්ති ක්ෂේත්‍රයේ අරමුණු ඉටු කරගැනීමට සහ තාක්ෂණික බාධක ජයගැනීමට සහාය වන ලෙස ජනාධිපතිවරයා කළ ඉල්ලීමට කඩිනම් ප්‍රතිචාර දැක්වූ අහමඩ් සාමිවරයා සිය රටට ගිය විගස ඒ පිළිබඳ සොයාබලා ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීමට කටයුතු කරන බව පවසා ඇත.
ශ්‍රී ලංකාවේ ආයෝජනයට පහසුකම් සැපයීමෙන් ආයෝජකයන් ආකර්ෂණය කරගත හැකි බව පෙන්වා දුන් සාමිවරයා එක්සත් රාජධානියේ පදිංචිව සිටින විවිධ ජාතීන්ට අයත් ජන කොටස් ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා අපේක්ෂාවෙන් සිටින බවද පවසා තිබේ.
ශ්‍රී ලංකාව මුහුණ දී ඇති සියලු ගැටලු විසඳමින් එක ජන කොටසක් ලෙස ජීවත්වීමට හැකි පරිසරය උදා කිරීම රජයේ අරමුණ බවද මෙම සාකච්ඡාවේදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබෙන අතර එක්සත් රාජධානියේ සිටින ශ්‍රී ලාංකික ඩයස්පෝරාව සමග අවබෝධයෙන් කටයුතු කිරීමට ඇති කැමැත්ත ප්‍රකාශ කර ඇත. ඒ සඳහා ඩයස්පෝරාව සමග සාකච්ඡා කිරීමට අවස්ථාව සලසන ලෙස තාරික් අහමඩ් සාමිවරයාගෙන් ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවද පැවසේ.
එක්සත් රාජධානිය ශ්‍රී ලංකාවේ සමීප ප්‍රායෝගික මිත්‍රයෙකු ලෙස සහයෝගයෙන් කටයුතු කිරීමට සැමවිටම සූදානමින් සිටින බවද සාමිවරයා පවසා ඇත.
ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හල්ටන් පළමු ලේකම් මැතිව් ඩීත්, තාරික් අහමඩ් සාමිවරයාගේ සහකාර ඉසබෙල් ස්කොට්, විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීන් මෙම අවස්ථාවට එක්වී තිබුණි.
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...