දේශීය පුවත්

මිල්කෝ සභාපති ලසන්ත වික්‍රමසිංහ මහතා මාධ්‍යය සාකච්ඡාවක් පවත්වමින් පවසා සිටියේ මිල්කෝ සමාගමේ සභාපති තනතුර සඳහා රේණුක පෙරේරා මහතා පත් කර ඇති බවට ලිපියක් නිකුත් කර ඇති බවත්, එම ධූරයෙන් තමාව අයින් කළ බවට මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවය.

වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවේ වැසෙන්නට ගිය ආයතනයක් වසර දෙකක් තුළ ලාභ ලබන ආයතනයක් බවට පත්කිරීමට තමන්ට හැකිවුණු බවයි.

“මමත් ඒක මාධ්‍යයෙන් තමයි දැක්කේ. මට එහෙම කිසිම දැනුම් දීමක් මේ දක්වා කරලා නැහැ. මටත් ආරංචි වුණා රේණුක පෙරේරා මහත්මයාට ලිපියක් නිකුත් කරලා තියෙනවා කියලා. එතුමත් අපේ හිතවතෙක්. එතුමා මෙතන්ට වැඩ භාර ගන්න එනකං අපි ඒ රාජකාරි ඉදිරියට කරගෙන යනවා.අපි සංතෝෂ වෙනවා අපිට මිල්කෝ සමාගම තුළ, ජනාධිපතිතුමා භාර දුන්න වගකීම පහුගිය අවුරුදු දෙක තුළ නොපිරිහෙලා ඉටු කරන්න අපිට හැකියාව ලැබුණා.මිල්කෝ ආයතනය වැහෙන්න ඔන්න මෙන්න තියෙද්දී ජනාධිපතිතුමාගේ වචනයෙන්ම කියනවා නම්, හැමෝම ලෙහෙසි ඒවා ඉල්ලනවා, අමාරු එකක් අරගෙන කරන්න කියන අභියෝගය තමයි අපිට භාර දුන්නේ.අපි එම අභියෝගය භාරගෙන වසර දෙකක් ඇතුළත දී වැහෙන්න ගිය ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කරලා, පසුගිය අවුරුද්දෙත් මිලියන 400 ක් ලාභ ලබන ආයතනයක් බවට පත්වුණා. ඊට කලින් අවුරුද්දෙත් මිලියන 400 ක ලාභයක් ලැබුවා.”



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More