පසුගිය 17දා සුනේත්‍රාදේවී පිරිවෙණේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට එක් වෙමින් ජාතික සංවිධාන එකමුතුවේ මාධ්‍යය ප්‍රකාශක වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා පවසා සිටියේ පාස්කු ප්‍රහාරයේ වින්දිතයන් වූ අපේ රටේ කතෝලික ජනතාවට සැබෑ ලෙසම සාධාරණය ඉටු කළ හැක්කේ සහරාන්ලා බිහි කරන අන්තවාදි කර්මාන්තශාලා අහෝසි කිරීමෙන් පමණක් බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් වෛද්‍යය වසන්ත බණ්ඩාර මහතා විග්‍රහ කර සිටියේ,
“සහරාන්ලා බිහිවන පරිසරය විනාශ කරනවා වෙනුවට විවිධ පාර්ශව වෙතින් ඉදිරිපත් වන මත අනුව ප්‍රධාන වශයෙන් පැටලිලි තුනක සමාජය පැටලී සිටින බව පෙනී යනවා.ඉන් පළමුවැන්න මියගිය සහරාන්ලාද ඇතුලුව මුස්ලිම් අන්තවාදීන් විසින් මහා සමාජය බිය වද්දා අනාගත අන්තවාදී ඉස්ලාම් රාජ්‍යය ශ්‍රී ලංකාවේ පිහිටුවීමේ අරමුණින් කළ ප්‍රහාරයක් වෙනුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ වත්මන් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පැමිණීමට සහරාන් ලවා මෙම ප්‍රහාරය දියත් කර ඇති බවට සමාජ ගත කරනවා. එම මතයට අනුව සහරාන් නැමැති ඝාතකයා මිය ගොස් ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට. සහරාන්ගේ ප්‍රහාරයෙන් පසුව පැවැත්වූ ඡන්ද වලදී කටුවපිටිය බෝම්බය පිපිරුණු ඡන්ද පොළේ පවා ගෝඨාභය රාජපක්ෂ මහතාට හෝ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට ඡන්ද වැඩිපුර වැටී තිබුණේ නැහැ.දෙවන පැටලවිල්ල පාස්කු කොමිසම් වාර්තාවේ යම් යම් කොටස් පමණක් අල්ලාගෙන නිගමන වලට එළඹීමට කටයුතු කරනවා. එම වාර්තාවට අනුව මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන්ගේ වගකීම පැහැර හැර ඇති බව කියවෙනවා. නමුත් 2015 සිට යහපාලන ආණ්ඩුව ඔත්තු සේවා බිඳ වට්ටමින් පැමිණි ගමනේ අනිවාර්ය ප්‍රතිඵලය බව පිළිනොගෙන මෛත්‍රීපාල සිරිසේන මහතාට දඬුවම් කිරීමෙන් ඉස්ලාම් අන්තවාදීන් විනාශ කළ හැකි බවට මතයක් ඉදිරිපත් කරනවා. යහපාලන ආණ්ඩුවේ මලිත් ජයතිලක මහතාගේ මූලිකත්වයෙන් පිහිටවූ ජාතික ආරක්ෂාව සම්බන්ධ ආංශික කමිටුව ඉදිරිපත් කළ වාර්තාව පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ ඉතා විශිෂ්ඨ වාර්තාවක්. එම වාර්තාව මත පදනම් වී ජනාධිපති තුමා අමාත්‍යය මණ්ඩල පත්‍රිකාවක් පවා ඉදිරිපත් කළා. එහි ඉදිරිපත් කර තිබූ යෝජනා 57ම ඇත්තේ මේ රටේ තිබෙන මුස්ලිම් අන්තවාදය අතුගා දමා විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව ප්‍රමුඛ සියලු ජනතාව මුස්ලිම් අන්තවාදයෙන් බේරා ගන්නේ කෙලෙසද කියන කාරණයයි. නමුත් කුමන හෝ හේතුවකට එම පත්‍රිකාව යට ගොස් තිබෙනවා. තුන්වෙනි පටලැවිල්ල පසුගිය දවසක සිදුවුණු බෝම්බ සිද්ධිය. එම සිද්ධිය පාදක කරගෙන තර්ක තුනක් ගෙන එනවා. ඉන් එකක් වන්නේ කතෝලික ජනතාව උද්ඝෝෂණය කරණ එක නවත්වන්නට පොලිසිය මෙම වැඩය කළාය කියන තර්කය. දෙවැන්න ආණ්ඩුව අමාරුවේ දැමීමට කතෝලික ජනතාව මෙම වැඩය කළාය කියන තර්කය.තුන්වැන්න ආණ්ඩුව සහ කතෝලික ජනතාව අතර ගැටුමක් නිර්මාණය කිරීමට තුන්වන පාර්ශවයක් මේ සඳහා මැදිහත් වූ බව පැවසෙන තර්කය. ඒ අනුව සියලුම ආගමික නායකයන් මෙම ගැටලුව නිවැරදිව විසඳා ගැනීමට වගකීමෙන් යුතුව මැදහත්වන ලෙස ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිනවා.”
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...