දේශීය පුවත්

ගෙවීගිය දීර්ඝ සති අන්ත නිවාඩුවේදී හිතු මතේ විනෝද වූ ජනතාව අතර කොරෝනා වෛරසය ශීඝ‍්‍රයෙන් පැතිරී ඇතැයිද මෙහි ප‍්‍රතිඵලය තව සති තුනකින් දැකගත හැකි වනු ඇතැයි ද සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසීය.

තාමත් පෙර මෙන් කොවිඞ් පොකුරක් නිර්මාණය නොවීම රටේ වාසනාවක් වුවත් දැනට රට වටින්ම වාර්තාවන රෝගීන්ගේ වාර්තා සැලකිල්ලට ගැනීමේදී යම් වැඩිවීමක් දක්නට ලැබෙන බවද ඒ මහතා කීය.

රටේ ආර්ථික හා එදිනෙදා ජනජීවිතය සාමාන්‍ය පරිදි කරගෙන යෑමට සෞඛ්‍ය අංශ ඉඩ ලබා දුන්නේ දිගටම රට වසාගෙන කටයුතු කළ නොහැකි නිසා යැයි ද වසංගතය අවසන් බවක් එමගින් තහවුරු කළේ නැතැයිද විශේෂඥ වෛද්‍යවරයා පැවසීය.

වරින්වර රට වසා දැමීමේ ආදීනව දැන් මුළු රටේම ජනතාවට අවබෝධ වී තිබියදී වසංගතය අවසන් වූ පරිදි වගකීම් විරහිතව මෙලෙස හැසිරීම මත යළි රට වසාදමන තැනකට රට පත්විය හැකි බවද ඒ මහතා කීය. එන්නත් ලබා ගත්තත් වෛරසය ආසාදනය වීම සිදුවන බව පුන පුනා ප‍්‍රකාශ කළත් එම උපදෙස් නොතකා කටයුතු කිරීම ගැන ජනතාව ලජ්ජාවිය යුතු බවද ඒ මහතා කීය.

පවතින තත්ත්වය හමුවේ යළි රට වහන තැනකට පත්වී ගියහොත් රටට අත්වන ඉරණම පිළිබඳ සිතාගත නොහැකි බවත් වෛරසය පැතිරයෑම, ආසාදිතවීම, ඉන් මරණයට පත්වීම සැහැල්ලූවෙන් නොතැකීම අතිශය වැදගත් බවත් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More