දේශීය පුවත්

ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් පත්මන් හරිප‍්‍රසාද මෙන්ඩිස් (පැඞී මෙන්ඩිස්) මහතා ඊයේ (18 දා) අභාවප‍්‍රාප්ත විය.

මියයන විට 89 වැනි වියේ පසුවූ ඒ මහතා 1951 වසරේ රාජකීය ගතුවන් හමුදාට පස්වන ආධුනික නිලධාරිවරයකු ලෙස රාජකීය ලංකා ගුවන් හමුදා සේවයට එක්ව ඇත.

බි‍්‍රතාන්‍යයේ දී පියාසර උපදේශකයකු ලෙස පුහුණුව ලැබු පළමු ශ‍්‍රී ලාංකිකයා ද ඔහුවේ. ඉතා දක්ෂ නිලධාරියකු වූ එයාර් චිෆ් මාර්ෂල් පීි.එච් මේන්ඩිස් මහතා 1971 වසරේ ජනවාරි මස 01 වැනිදා රාජකීය ලංකා ගුවන් හමුදාවේ සිව්වන ගුවන් හමුදාපතිවරයා වශයෙන් පත් වූ අතර ඒ මහතා රාජකීය ලංකා ගුවන් හමුදාවෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කරමින් එම හමුදාවේ ගුවන් හමුදාපතිවරයා ලෙස පත්වූ පළමු ශ‍්‍රී ලාංකිකයාද විය. වර්ෂ 1972 දී ශ‍්‍රී ලංකාව ජනරජයක් වීමත් සමග රාජකීය ලංකා ගුවන් හමුදාව ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව බවට පත්විය. ඒ සමගම ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පළමු ගුවන් හමුදාපති ලෙස එයාර් චීෆ් මාර්ෂල් මෙන්ඩිස් මහතා ඉතිහාස ගතවිය. ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ දක්‍ෂ කීර්තිමත් ගුවන් හමුදාපතිවරයකු වූ එයාර් චීෆ් මාර්ෂල් පී. එච්. මෙන්ඩිස් මහතා ඊයේ (18 දා) අභාවප‍්‍රාප්ත වූ අතර අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය මේ වනවිට ගල්කිස්ස ප‍්‍රදේශයේ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර ඇත. දේහය පිළිබඳ අවසන් කටයුතු අද (19 දා) පස්වරු 2.00ට ගල්කිස්ස නිසල සෙවණ පොදු සුසාන භූමියේදී පූර්ණ ගුවන් හමුදා ගෞරව සහිතව සිදු කිරීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More