දේශීය පුවත්

ජානිපෙ ජාතික සංවිධායක, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා ගලබොඩඅත්තේ ඥාණසාර හිමියන් සම්බන්ධව අතිගරු ජනාධිපතිතුමන් වෙත ලිපියක් යොමුකර තිබේ.

එමගින් ඉල්ලා ඇත්තේ ඥාණසාර හිමියන් තම දඬුවම ගෙවා නිමවන තුරු උන්වහන්සේගේ චීවරය ගැලවීමට ඉඩ නොදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කරන ලෙසය.

එම ලිපිය පහතින්…

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා,
ජනාධිපති ලේකම් කාර්යාලය,
කොළඹ.

අතිගරු ජනාධිපතිතුමනි,

‘බුද්ධ චීවරයේ ගෞරවය රැකෙන ආකාරයට අධිකරණ නියෝග ක්‍රියාත්මක කිරීම

මේ වන විට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ විසින්, අතුරුදහන් වී ඇතැයි සැලකෙන ප්‍රගීත් එක්නැලිගොඩ නම් කෙටිත්‍රස්තවාදියාගේ භාර්යාවට උසාවි භූමියේදී තර්ජනය කළ බවට චෝදනා එල්ල කොට උන්වහන්සේ අධිකරණය මගින් වැරදිකාරයකු බවට පත්කොට ඇත.

අධිකරණ තීන්දු පිළිබඳව විනිශ්චය දීමට අපට නීතිමය අයිතියක් නොමැති උවද උන්වහන්සේ දඩුවම් ලබන්නේ යම් ජාතික වැදගත්කමක් සහිත නඩු විභාගයකට අදාලව හැඟීම් බරව ක්‍රියාකිරීම සම්බන්ධයෙනි’ ඒ පිළිබඳ මුළු රටද දන්නා බැවින් වැඩිදුරටත් පැහැදිලි කිරීම් අවශ්‍ය නොවේ.

බන්ධනාගාර නිලධාරීන්ගේ ප්‍රකාශවලට අනුව උන් වහන්සේ එම ද‘ඩුවම් විදින කාලය තුළ උන්වහන්සේට චීවරය දරා සිටීමට අයිතියක් නැත. එසේ වුවහොත් එකී තත්වය සදම්බුද්ධ සාසනයේත් සංඝ සමාජයේත් ගෞරවයට, පෞරුෂයට හා අභිමානයට බළවත් හානියක් බව අප විශ්වාස කරමු. එය සම්බුද්ධ සාසනයත්, සංඝ සමාජයත් ගෟර්හාවට අපකීර්තියට හා නොසලකා හැරීමට ලක් කිරීමේ රටට හතුරු දෙස් විදෙස් බලවේගවල උවමනාවන් ඉටුකිරීමක් බවද අප අවධාරණය කරමු. මේ වකවානුව වනවිට අභූත චෝදනා නගමින් සංඝයාවහන්සේ විවිධ පීඩනයන්ට හා දණ්ඩනයන්ට ලක්වීමේ ප්‍රවණතාවයක් නිර්මාණය වී තිබීම මෙකී බලවේගවල උවමනාව හොඳින් පිළිඹිබු වන්නකි.

බලවත් රටක නීති සහ රීති සැම විටම සමාජ වටිනාකම් පද්ධතියට, එෛතිහාසික ශිෂ්ඨාචාරයේ උරුමයට අනුව සහ තත්කාලීන පොදු මහජන සිතුම් පැතුම් වලට අනුව ක්‍රියාත්මක විය යුතුය. රටේ රාජ්‍ය නායකයාට ව්‍යවස්ථාව මගින් යම් ජාතික වැදගත්කමක් ඇති කාරණා සම්බන්ධයෙන් තම අභිමතය පරිදි තීරණ ගැනීමට අවකාශය සලසා ඇත්තේ ඒ නිසාය.

එම අර්ථයෙන් ගත්විට පූජ්‍ය ගලබොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ තම ද‘ඩුවම ගෙවා නිම කරන කාලය තුළ උන්වහන්සේගේ චීවරය ගැලවීමට ඉඩ නොදෙන ලෙස බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කිරීමට ඔබතුමාට බලයක් ඇත.

එහිදී උන්වහන්සේගේ මහජන ක්‍රියාකාරකම් සහ මත ප්‍රකාශ කිරීම් පිළිබඳව යමෙකුගේ කැමැත්ත හෝ අකමැත්ත නොසලකා බුද්ධ චීවරයේ ගෞරවය රැකීමට වහාම පියවර ගන්නා ලෙස ඉල්ලා සිටිමි.

මෙයට,
විශ්වාසී,

ජයන්ත සමරවීර (පා.ම.)
ජාතික සංවිධායක
ජාතික නිදහස් පෙරමුණ
2018-06-15



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More