සහරාන්ගේ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් බෞද්ධ දර්ශනයට අනුව විග්‍රහ කර ගැනීමේදී හේතුඵලවාදී පදනමේ සිට විග්‍රහ කර ගත යුතුව ඇතැයි මහාචාර්ය මැදගොඩ අභයතිස්ස හිමියෝ පැවසූහ. සුනේත්‍රාදේවී පිරිවෙනේ පැවැති මාධ්‍යය සාකච්ඡාවකට සහභාගි වෙමින් උන් වහන්සේ මෙසේ පැවසූහ. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ උන්වහන්සේ පවසා සිටියේ හේතුඵලවාදීව සහරාන්ගේ පාස්කු ප්‍රහාරය විමසා බැලීමේදී අවබෝධ වන්නේ ඉස්ලාම් ආගමික අන්තවාදය ප්‍රචාරය කිරීම යන හේතුව මත සංවිධානාත්මකව සිදුවූ ප්‍රහාරයක් බව පෙනීයන බවයි. එහෙත් විවිධ පාර්ශවයන් එම ප්‍රහාරය සම්බන්ධයෙන් වෙනත් වෙනත් විග්‍රහ කිරීම වෙනුවට අන්තවාදය නිර්මාණය කරන වටපිටාව විනාශ කර දැමීමට රජය ඇතුලු සියළු බලධාරින්ට බල කිරීම වෙනුවෙන් කාදිනල් තුමා ඇතුලු සියලු දෙනාම කටයුතු කළ යුතු බවයි. මේ වන විට බොහෝ පාර්ශව හැසිරෙන්නේ ඝන අඳුරේ යතුර නැතිවූ කෙනෙකු හොඳින් එලිය වැටෙන ලයිට් කනුවක් යට යතුර සෙවූ ආකාරයට යැයි උන්වහන්සේ පවසා සිටියහ. සම්පූර්ණ වීඩියෝව…
ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...
අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...
රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...