දේශීය පුවත්

පුද්ගලයන් තිදෙනෙකුට මරු කැඳවමින් යේමනයේ හවුති සටන්කාමීන් විසින් අබුඩාබි නගරයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයට ප්‍රතිචාර දක්වමින්, හවුති කැරලිකරුවන් එල්ල කළ ප්‍රහාරයේ පළිය ගන්නා බවට එක්සත් අරාබි එමීර් රාජ්‍යය අනතුරු අඟවා තිබේ.

ඉරාන සහාය ලබන බවට විශ්වාස කෙරෙන හවුති කැරලිකරුවන්ට එරෙහි සවුදි ප්‍රමුඛ හමුදා සන්ධානයේ එමීර් රාජ්‍යයද පාර්ශ්වකරුවෙකි.

හවුති කැරලිකරුවන් සෞදි අරාබි දේශ සීමාව ඔස්සේ නිරන්තරයෙන් ප්‍රහාර සිදු කළද එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙවැනි දරුණු ප්‍රහාරයක් එල්ලවූ පළමු අවස්ථාව මෙය බව විදෙස් මාධ්‍යය ප්‍රකාශ කර සිටී.

මේ අතර එමීර් රාජ්‍යයේ තවත් ඉලක්ක වෙත ප්‍රහාර සිදුකරන බවට හවුති කැරලිකරුවන් අනතුරු අඟවා ඇත.

හවුති සංවිධානයේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ අබුඩාබි සහ ඩුබායි ගුවන්තොටුපළ හා අබුඩාබි නගරයේ මුස්තාෆා කලාපයේ පිහිටි තෙල් පිරිපහදුවක් ඇතුළු වැදගත් ඉලක්ක කිහිපයක් වෙත ඊයේ (17) ප්‍රහාරය එල්ල කළ බවයි.

ඒ සඳහා බැලැස්ටික් මිසයිල 5ක් සමග සන්නද්ධ ඩ්‍රෝන යානා යොදාගත් බවද ඔහු වැඩිදුරටත් පවසා ඇත.
මේ අතර සෞදි ප්‍රමුඛ හමුදා සන්ධානය යේමනයේ සානා අගනුවරට ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

එම ප්‍රහාරයෙන් පුද්ගලයන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්වී 11 දෙනෙකු තුවාල ලැබූ බව හවුති මාධ්‍ය ආයතනය වන අල් මසීරා නමැති මාධ්‍යය ආයතනය නිවේදනය කර ඇති අතර ප්‍රහාරය හේතුවෙන් දේපළ හානි රැසක් සිදුවී ඇති බවද එම මාධ්‍ය ආයතනය පවසයි.



Leave a Reply

Your email address will not be published.

ප‍්‍රධාන පුවත්

​ඉන්දු – ලංකා ගිවිසුම නීති විරෝධියි… 13 වැනි සංශෝධනයෙන් ඊළමට පාර කැපීම සිදුවෙනවාමයි – අතිපූජ්‍ය ඕමාරේ කස්සප හිමියෝ පවසති (වීඩියෝ)

ඉන්දු - ලංකා ගිවිසුම නීති විරෝධී ගිවිසුමක් බවත්, ඒකීය රට ෆෙඩරල් කිරීම හරහා බෙදීමට කිසිසේත්ම ඉඩදිය නොහැකි බවත් මහා විහාර වංශික ශ්‍ය...


Read More

පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්නට වෙඩි ප්‍රහාරයක්

අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජනප්‍රිය රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ මෝටර් රථයට කිසියම් ...


Read More

රජිව් ගාන්ධි ඝාතනයේ වරදකරුවන් යළි මෙරටට

රජිව් ගාන්ධි ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවන් වී දඬුවම් ලැබ සිට පසුව නිදහස ලැබූ ශ්‍රී ලාංකිකයන් 4 දෙනා නැවතත් ශ්‍රී ලංකාවට එවීමට...


Read More